සටහන – රුවන් නෙළුගොල්ල
පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
ඒ, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරාළ මහත්මිය පසුගිය 21 වනදා සිට සිය මන්ත්රී ධුරයෙන් ඉවත් වීමත් සමග ය.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කරන්නේ.