ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කරයි.

Date:

කොළඹ LNW:පසුගිය 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය සිදු කර තිබෙන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වෙයි.

මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, රජයේ රෝහල්වල සියයට 4.5 කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල සියයට 6.3 කින්ද අඩු කිරීමට කටයුතු අකර ඇත.

ඒ අනුව සමස්ථයක් ලෙස සියයට 5.94 කින් ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 05 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩුකර ඇත. ඒකක 76 ත් 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් පහත දමා තිබේ.

රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55කි.

මේ අතර ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 05කින් අඩුකිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...