රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

Date:

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ.

ඒ, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පෙරවරුවේ පැමිණි වික්‍රමසිංහ මහතාව ඊයේ දහවල් වනවිට අත් අඩංගුවට ගැනුණු අතර ඊයේ රාත්‍රී 10.00 ට පමණ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදී.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන පැමිණි ඒ මහතාව වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...