රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ.

ඒ, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පෙරවරුවේ පැමිණි වික්‍රමසිංහ මහතාව ඊයේ දහවල් වනවිට අත් අඩංගුවට ගැනුණු අතර ඊයේ රාත්‍රී 10.00 ට පමණ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදී.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන පැමිණි ඒ මහතාව වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජාතික ජන බලවේගයේ...

ලොව ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව චීනයෙන්!

කොළඹ LNW:ලෝකයේ පළමු ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කිරීමට...

ආණ්ඩුවේ අතුරේ ගමන!

උපාලි කොළඹගේකොළඹ LNW:මේ ආණ්ඩුව යන්නේ අතුරේ කිව්වොත් වැරදි නෑ....

“ඔහු සම්පූර්ණයෙන්ම ඔහුටම අනන්‍ය වූ අයෙක්”: Nana Peterka අසහාය රංගධරයාගේ සමුගැනීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : යුගයක නිමාව සනිටුහන්...