ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි. ඉක්බිති ඔබගේ සිතුවිල්ල සනාත කර ගැනීම වෙනුවෙන් ඔබට අවශ්‍යය තරම් සාධක ඔහු හෝ ඇය තුළින් සොයාගත හැක. ඒ අතර අදාල පුද්ගලයාගේ භාෂා උච්චරණය ඔහුගේ උත්පත්තිය ඔහු ඉගෙනගත් පාසැල මෙන්ම ඔහුගේ චින්තනය සහ අතීත ක්‍රියාකාරකම් ඇතුළු අප්‍රමාණ තත්වයන් ඔබගේ අදහස සානත කර ගැනීම වෙනුවෙන් යොදාගත හැක. කල්ගත වෙත්ම බබටද නොතේරී ඔබගේ තර්කය සාධාරණ බව ඔබට පෙනීයයි. උදාහරණයක් ලෙස අවශ්‍යනම් කෙනෙකුට බුදුන්ට වුව අකමැති විය හැක. නිදසුනක් ලෙස බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ සුඛර මද්දව වැළදිමෙන් ඇතිවු රෝගී තත්වයකින් බව ප්‍රකට කරුණකි. එහිදී අයෙකුට බුදුන් ප්‍රාණගාතය හෙළ දැක්කද ඔහු මස් අනුබව කිරීම දෙබිඩි පිළිවෙතක් බව කිව හැක. උන් වහන්සේ මස් දන් පිණිස වැළදීම මගින් සත්ව ඝාතනයට එමගින් රුකුලන් වන බව කෙනෙකුට තර්ක කළ හැක.
එසේම ඔබට කෙනෙකුට කැමතිවීමට අවශ්‍යය නම් ඒ වෙනුවෙන්ද ඔබගේ සිතුවිල්ල ප්‍රධානය. ඉක්බිති එම සිතුවිල්ල වෙනුවෙන් බොහෝ යහපත් ගුණාංග ඔබට ඔහු /ඇය තුළින් සොයාගත හැක. උදාහරණක් ලෙස කිසියම් අයෙක් එතරම් රූපසම්පත්තියක් නැති අයෙකු සමග පෙමින් බැදේ. එහිදී පළමුව ඔහුගේ හෝ ඇයගේ දෙම්පියන් ඇසිය හැක්කේ මේ තරම් කැත (?) කෙනෙක් සමග පෙමින් බැදෙන්නේ ඇස් නොපෙනීම නිසා බවද යන්නයි. එහෙත් ඔහු /ඇයගේ පිළිතුර විය හැක්කේ නැහැ මට අවශ්‍යය රූප සම්පත්තිය නොව ඔහු / ඇය තුළ ඇති අනෙක් යහපත් ගුණාංග බවයි. මෙහිදී රූපය පරයා ඔහු හෝ ඇය කෙරෙහි බලපෑ ඇත්තේ අනෙක් ගුණාංගයි.
මා හැමවිටම උත්සාහ කරන්නේ මිනිසුන්ට අකැමැතිවීමට හෝ වෛර කිරීමට නොවේ. මං හැමවිටම උත්සාහ කරන්නේ මිනිසුන්ට ආදරය කිරීම සදහා ඔවුන්තුළ පවතින ධාරිතාවය සහ නිපුණතාවය මෙන්ම ගෙවෙන මොහෙතේදී මානව සමාජයේ අනාගතය වෙනුවෙන් ඔහුගේ / ඇයගේ දැක්ම සකස්වී ඇත්තේ කෙසේදැයි යන්නයි. එවන් බොහෝ තැන්වල ඔහුගේ / ඇයගේ ඉතිහාස ක්‍රියාකාරකම් දෙස මා නිරීක්ෂණය කරන්නේ අදාල තත්වයට බලපෑ ඓතිහාසික තත්වයන් සලකා වන අතර එහිදී එම ඓතිහාසික තත්වයන් අවියක් ලෙස භාවිතා නොකෙරීමට මම වග බල ගනිමි. නිදසුනක් ලෙස බටහිර යටත් විජිතවාදය දෙස මා දැන් බලන්නේ එය ඓතිහාසික තත්වයන්ගේ විකාශයක් ලෙස මෙන්ම ඉන් අත්වු යහපත් තත්වයන් දෙසයි. වර්තමාන බටහිර ජනසමාජයට එරෙහිව නැගී සිටීම වෙනුවෙන් මා ඔවුන්ගේ ඓතිහාසික යටත් විජිත ව්‍යපෘතිය උපයෝගි කර නොගැනීමට උත්සුක වෙමි.
මා කිසිවිටෙක් රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒම වෙනුවෙන් ජන්දයක් භවිතා කර නැත. මා පුංචිම කාලේ සිට කැමැත්ත දැක්වුයේ සිරිමාවෝ මැතිනිය ඇතුළු වමට බර දේශපාලන කණ්ඩායම් වෙතයි. මා එසේ ඔවුන්ට සහයෝගය දැක්වුයේ තර්කාණුකූල කරුණු මත නොව මා අවට සිටි වැඩිහිටියන් දෙස බලා ඔවුන්ව අණුගමනය කිරීමෙනි. එහෙත් ක්‍රමයෙන් මගේ භාෂා දැණුමද ලෝක දැක්මද ලෝකයේ බොහෝ රටවල සංචාරය කිරීමට හා කලා සංස්කෘතික වශයෙන් ලොව දියණුම රටවල සාපේක්ෂ වශයෙන් වැදගත් කාල පරිච්‌ජේදයක් ජීවත්වීමටද අවස්ථාව ලැබුණි. එතැන් සිට ක්‍රමයෙන් රනිල් වික්‍රසිංහ මහතා කෙරෙහි මා තුළ ගෞරවයක් ගොඩනැගුණි. සාපේක්ෂ වශයෙන් ලංකාව නම් රට ග්‍රාම්‍යයත්වයෙන් මුදාගත හැකි නව ලෝකය සමග ලංකාව මුසු කළ හැකි ස්වකීය දේශපාල දර්ශනයක් සහිත එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව මට නිරන්තරයෙන්ම ඒත්තු ගියේය. එම පිළිගැනීම රනිල් වික්‍රමසිංහ මහතා වටේ සිටි පිරිසේ ක්‍රියාකාරකම් නිසා හෝ ඔහුගේ පාලනය යටතේ අරගලයේ නිරතර පිරිස්වලට පහරදීම වැනි ක්‍රියා නිසා හෝ නීතිය ඉදිරියේ සනාතවී නොමැති ඔහුට එල්ල කරන චෝදනා මගින් කිසි විටෙකත් මා තුළින් වෙනස්වුයේ නැත. ඔහුගේ වසර දෙකක රාජ්‍යය පාලනය ඔහු කෙරෙහි මා පැවතී විශ්වාසය සාපේක්ෂ වශයෙන් තහවුරු වුයේය. ඒ ඔහු පරමාදර්ශී නිසා නොව ඔහු පමණටවත් ධාරිතාවයක් සහිත අයෙකු නොමැති නිසාය.
රනිල් වික්‍රමසිංහ මහතා රාජකීය විද්‍යාලයට යෑම ඔහු තුන් වේල රහට කෑම මිල අධික වාහන භාවිතා කිරීම හෝ ඔහුගේ වංශවයත්භාවය මට වඩා විශිෂ්ට ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීම පමණක් නොව මා වැනි සමාජයේ පහළම අව-වරප්‍රසාදිත ස්ථරයෙන් පැමිණෙන් මිනිසුන් ඔහු හෝ ඔහුගේ සමාජ කුලය විසින් ගණන් නොගෙනීමද වික්‍රමසිංහ මහතා කෙරෙහි වෛරයක් ඇති කර ගැනීමට අවශ්‍යය කාරණා ලෙස මා නොසැළකුවේය. එපමණක් නොව රාජපක්ෂ යුගයේ ක්‍රියාකරකම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම වැනි දෑ කෙරෙහිද මා උනන්දු නොවුයේ රනිල් වික්‍රමසිංහ මහතා පිහිටා සිටී දේශපාලන සංදර්භය හොරු අල්ලන මොහොතක් නොවන බව මා තේරුම් ගෙන සිටී නිසයි. එමෙන්ම හොරු ඇල්ලීම සංවර්ධනයේ එකම මාවත යන්නද මා කිසිසේත් විශ්වාස නොකරන්නේය.
අනුර කුමාර ඇතුළු ජාතික ජනබලවේගයට මා අවස්ථා කිහිපයක උපකාර කර තිබේ. එහෙත් මා ඔවුන් මෙවර දේශපාලන වශයෙන් බලයට ගෙන ඒමට කිසිදු මැදිහත්වීමක් නොකළේය. ඒ පිළිබද දැන් මා තුළ ඇත්තේ සතුටකි. ලංකාව නම් රට මට හැමවෙලාවේම පෙණුනේ ගමක් ලෙසයි. ඒ ගම දැන් වේගයෙන් අන් කවරදාටක් වඩා වෛරයෙන් හා උද්ධච්ච බවින් පිරුණු ග්‍රාම්‍යය දේශපාලනය වෙත ඇදී යමින් පවති. රනිල් වික්‍රමසිංහට විරුද්ධව පැවරූ නඩුව මගින් වෛරයටත්- ග්‍රාම්‍යයත්වයට අයත් වරලත් සහතිකය මේ ආණ්ඩුව හිමිකරගෙන තිබේ. නීතිය සහ නීතියේ කටයුතු මෙහෙයවන ආයතන සහ පුද්ගලයින් යනු සියල්ල නොවේ.
(රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී පරාජය වු බව සත්‍යයකි. එහෙත් ඔහු සාමාන්‍යය ජනයාගේ සතුරෙක් වී ඇතැයි සිතන්නේ නම් මුලාවකි. කාඩර්වරු හැර අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නම් එසේ නොසිතන බව දැන් සහතිකය. )