ජපානයේ ක්‍රියාත්මක ලෝක බැඩ්මින්ටන් සූරාවලියේ පිරිමි කේවල අංශය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්නට සිය පළමු තරගයෙන්ම පරාජයේ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්නට සිදු විය.37 හැවිරිදි නිලූක මෙන්ම ඔහුගේ ප්‍රතිවාදියා වූ 35 හැවිරිදි ගුවාතමාලාවේ කෙවින් කොර්ඩන් අතර තරගය සමීප අත්දැකීම් ඇති ක්‍රීඩකයන් දෙදෙනෙක්ගේ තියුණු තරගයක් විය.තරගය නිමාවේ ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර පිටියේ එකිනෙකා අතර මුණ ගැසීම් වල ප්‍රතිපල සටහන් වූයේ කෙවින්ට ජයග්‍රහණ තුනක් සහ නිලූකට ජයග්‍රහණ තුනක් වශයෙන්ය.
වර්ථමාන ජාත්‍යන්තර පිටියේ මේ දෙදෙනා සිටින ස්ථාන සළකා බලද්දී නිතර ජාත්‍යන්තර පිටිය සමඟ සක්‍රීය කෙවින් 41 වන ස්ථානයේ සිටින අතර නිලූකට හිමි 122 ස්ථානය වේ.21 – 18 සහ 21 17 ක් ලෙස කෙවින්ට ජය හිමි වූ මෙම තරගයේ මුල් වටයේ මුල් ලකුණු ප්‍රමාණයේ සි නිලූක හොඳ සටනක් දුන්නද, පසුව කෙවින් පෙරට පැමිණ තරගය තරග වට 2-0 ක් ලෙස අසීරු තර්ජනයක් එල්ල කරමින් නිලුක මෙල්ල කර ගන්නට සමත් විය.විනාඩි 37 ක් පුරා ස්වීය යෞවනය තුළ රැදෙමින් මුළු ලකුණු 77 ක් වාර්තා විය.
යුගල පිරිමි තරග සඳහා පිටියට පිවිසෙන ලාංකේය යුගලය වන සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක අගෝස්තු 23 වන දින තරග පිටියට පැමිණීමට සූදානම් අතර දැනට ඔවුන් ශ්‍රේණිගතව සිටින්නෙ ලොව 96 වන ස්ථානයේ පසුවන පිරිමි යුගල කණ්ඩායම හැටියටය.ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ දැනට ලොව 32 වන තැන රැඳී සිටින ඩෙන්මාර්කයේ ජෙපී බේ සහ ලසේ මොලෙදි ය.
අවසාන වරට ශ්‍රී ලංකාවට පැමිණි ආරාධනයකට අනුව සචින් සහ තිළිනි හෙන්දහේවා මේ තරගාවලියට මිශ්‍ර යුගල තරග අංශයෙන් ඉදිරිපත් වීමට සූදානම්ව සිටියත් ඊට අවශ්‍යය වීසා ලබා ගැනීමේදී ජපන් තානාපති කාර්යාලයේ කොන්දේසි අනුව කටයුතු කරද්දී ප්‍රමාදවන බවත් දක ගන්නට තිබුණ අතර එම නිසා සංචාරයට සහභාගි නොවුණේය.ඒ නිසා ඔවුන්ට හමු වීමට නියමිතව සිටි චීන තායිපේ ක්‍රීඩක යුගලය වන ලී යන්ග් සහ යෑන් චැන්ග් සිටින්නේ 62 වන ස්ථානයේය.ශ්‍රී ලංකාව නියෝජනය රන්නට සිටි තිළිණි හෙන්දහේවා සිටින්නේ මිශ්‍ර අංශයේ 170 වන ස්ථානයේ ය.සචින් 170 වන තැනය.
තරගාවලියේ ලොව අංක හතරේ සිටින ක්‍රීඩකයා වන චීන තායිපේ හී චෝ ටියෑන් චෙන් තරග වට 2 – 1 ලෙස ඉන්දීය ක්‍රීඩක සායි ප්‍රනීත් ඉදිරියේ පරාජය වීම අද විශාල අවධානයතට ලක් වූ කාරණාවත් විය.ප්‍රනීත් ලොව ශ්‍රේණිගත කිරිම් අතර සිටින්නේ 20 වන තැනය.
RM