අඟුරුවාතොට මව සහ බිළිඳිය ඝාතනය : සැකකාර හිටපු සෙබළා බන්ධනාගාරයේදී මරුට

අඟුරුවාතොට – ඌරුතුඩාව ප්‍රදේශයේදී 24 හැවිරිදි තරුණ මවක් සහ මාස 11ක බිළිඳියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුගේ මළ සිරුර එල්ලෙමින් තිබියදී ඊයේ (22) පස්වරුවේ සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියාන් මධුරංග නමැති හිටපු යුද හමුදා සෙබළෙකි.

ඔහුව අඟුරුවාතොට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබිණි.

ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN