හපුතලේ ප්රදේශයේ හෝටලයක් තුළ ඊයේ (22) රාත්රී 07.00 ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.
වෙඩි ප්රහාරයෙන් මියගොස් ඇත්තේ එම හෝටලයේම සේවය කළ 42 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දියතලාව රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
RN