*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

චීනයෙන් අති නවීන සන්නිවේදන පද්ධති සහිත වාහන ප්‍රධානයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින්, මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කරන ලද අති නවීන සන්නිවේදන පද්ධති සහිත වාහන,  යුද්ධ හමුදාව වෙත නිල වශයෙන් භාර‍ දීම යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේ දී ඊයේ (22) සිදුවුණා.

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සහ මෙරට ආරක්ෂක අමාත්‍යාංශය අතර 2017 වර්ෂයේ අත්සන් කරන ලද ගිවිසුමට අනුව මෙය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

යුවාන් මිලියන 45 කට (අ:ඩො : මිලියන 6.2 ) අධික වටිනාකමකින් යුතු මෙම සන්නිවේදන පද්ධතිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් භාරගෙන ඇති අතර , සෑම වාහනයක්ම අතිනවීන eLTE සන්නිවේදන පද්ධතියක්, කෙටි තරංග සන්නිවේදන පද්ධතියක් සහ හදිසි අවස්ථාවන්හිදී සජීවී තොරතුරු සන්නිවේදනය සඳහා උපකාර වන නියමුවන් රහිත යානා (DRONE) වලින් සමන්විත වන බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ, මෙම පද්ධති යොදා ගනිමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අණ හා පාලනය වඩාත් කාර්යක්‍ෂම ලෙස සහ ඒකාබද්ධ ලෙස ක්‍රියාත්මක කිරිමේ හැකියාව ලබාගැනීමට ශ්‍රිලංකා යුද්ධ හමුදාව වෙත අවස්ථාව උදාවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan