පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්. මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සභාවෙන් එළියට දමයි !

Date:

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී කාලය පිළිබඳව මතුවූ ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අද (23) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගත විය.

එහිදී මන්ත්‍රීවරුන් පිරිසක් මූලාසනය අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට විරෝධය පළ කරනු දක්නට ලැබිණි.

එහිදී පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කටයුතු කළේය.

අනතුරුව පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වූ අතර එහිදී කථානායකවරයා අද දිනය සඳහා නලින් බණ්ඩාර සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...