නීති විද්‍යාල ගාස්තු වැඩි කිරීමේ පදනම විමසූ විපක්ෂ නායක සජිත්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නීති විද්‍යාල  විභාග ගාස්තු වැඩිකිරීමට පදනම කුමක්දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියා.

“නීති විද්‍යාලයට ඇතුළත් වීමේ විභාග ගාස්තුව ගැසට් පත්‍රය මඟින් ඉතා විශාල ලෙස ඉහළ දමා තිබෙනවා. 257%කින් මේක ඉහළ දාලා. ප්‍රවේශ විභාග ගාස්තුව 150%කින් වැඩි කරලා. සිසුන්ට දරා ගත නොහැකි තත්ත්වයක්. පළමු වසරේ සිසුන්ට ගෙවන්න තියෙනවා 67,500ක්. එයාලා මේක දෙකට කඩලා 40,000ක් 27,500ක් විදියට ගෙවන්න ගිහින් 27,500ත් ගෙවන්න බැරුව ඒකත් දෙකට කඩලා ගෙවන්න කටයුතු කරලා තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්. විභාග ගාස්තුව රු 2,500කින් වැඩිකරාම විෂයන් 8කට තවත් රු 20,000ක් වැඩි වෙනවා. ඇත්තටම මේ ගාස්තු වැඩි කරේ කුමන පදනමකින් ද ? ගාස්තු වැඩිකළ යුතුනම් සිසුන්ට අසහනයක් වෙන්නේ නැතුව ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම ඉල්ලීමක් කරනවා මේ වැඩිවීම අත්හිටුවලා දරුවන්ට දරාගත හැකි මුදලක වැඩිවීමක් කරනවා ද කියලා නැවත කතා කරන්න.”

මේ පිළිබඳ අදහස් දැක්වූ මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ නීති ක්ෂේත්‍රය එක්තරා බමුණුකුලයකට පමණක් සීමා වන එකක් බවට පත් කිරීමට මෙසේ අධික මිල වැඩි කිරීම හේතු වන බවයි .

“අධිකරණ ඇමති මීට කලින් ගෙනවා ගැසට් එකක්. ඒක මේ පාර්ලිමේන්තුව පරාජය කරා. සිංහල හා දෙමළ දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගවලට මුහුණදෙන්න. එතනින් උත්සාහ කළේ එක්තරා බමුණුකුලයකට පමණක් නීති කේෂ්ත්‍රයේ ආධිපත්‍ය පතුරුවා ගැනීමට. ඒ සභාවේ මන්ත්‍රීවරු පරාජය කළා. අධික ලෙස මිල වැඩිකිරීමෙන් වෙන්නෙත් ඒක.”

ලෙස ඔහු පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...