මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව කල්යයි. නලින් ප්‍රනාන්දු තමන් සම්බන්ධ නෑ කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2015 ජනාධිපතිවරණය ආසන්නයේදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් දේශපාලන වුවමනාවන් මත ක්‍රීඩා සංගම්වලට බෙදාදීමෙන් රජයට රුපියල් කෝටි 5 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ එවකට සතොස සභාපති, වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (23) යළි ආරම්භ විය.

ඒ, අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.

එහිදී විත්තිකාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම චෝදනාවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි. ඔහු අවස්ථා කිහිපයකදීම සංවේදී වෙමින් කරුණු දැක්වූ බව සඳහන්.

නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 27 වනදාට කල් තැබුණු අතර එදින විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...