කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය හෙට පස්වරු 02.00ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුමූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැති ලබා ගැනීමට එම විශේෂ සම්මේලනය පවත්වන බවටයි වාර්තා වන්නේ.
පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිත අතර සමගි ජනබලවේගයේ සිට ජනාධිපතිවරයාට සහය පළ කිරීමට පැමිණි සියලු මන්ත්රීවරුන් එහි විශේෂිත ආරාධිතයින් ලෙස සහභාගී වීමටද නියමිත බව සඳහන්.
ආශිකා බ්රාහ්මණ