අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දු 92 දී ලකුණු 102 ක් රැස් කළ ගාල්ල කණ්ඩායමේ නායක අරෝෂ සිතුමිණ සමත් වුණා.හයේ පහර 7 ක් සහ හතරේ පහර 10 ක් මෙම ඉණිමේදී වාර්තා වුණා.මීට දින කිහිපයකට පෙර රත්ලම දේවපතිරාජයට අවුරුදු 17 න් පහළ සූරතාවය දිනා ගන්නට මූල් වූ ඉණිම දියත් කරමින් කොළඹ මහානාමයට එරෙහිව ලකුණු 72 ක් රැස් කළ අරෝෂ එම උණුසුමේම රැස් කළ මෙම ශතකය හරහා තමන්ගේ දක්ෂතාවය සනාත කරන්නට තව දුරටත් සමත් වුණා.


ශතකලාභී මෙම ඉණිම ගොඩ නෑඟිමේදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් අරෝෂ සහ පූජිත් වත්සුක (44) තැබූ ලකුණු 122 ක සබඳතාවය මැනවින් කැපී පෙණුනා.එහෙත් ඔවුන් දෙදෙනාගේ සාර්ථකවයට පමණක් සීමා වෙමින් ගොඩ නැඟුණු ගාල්ල ඉණිම 43 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී සෙසු පිතිකරුවන්ගේ නොසැළකිලිමත්කම නිසා නිමා වන විට ලකුණු පූවරුව ලකුණු 221 ක් ව තිබුණා.


එහෙත් එම අභියෝගය භාර ගැනීමට සූදානම් වූ දඹුල්ල කණ්ඩායමේ හිමත් පණ්ඩිතරත්නට අරෝෂට සහය දෙන්නට සිටි පූජිත් වත්සුක වැනි අයෙක්වත් සිටියේ නැහැ.හුදෙකලා ඉණිමක නිරත වූ හිමත් ලකුණු 81 ක් ලබා සිටියදී දුවද්දි දැවී ගිය අතර පන්දු ඕවර් 35 ක් නිමාවන විට ඔවුන් ලබා සිටියේ කඩුලු 9 ට ලකුණු 169 ක් පමණක් වූ අතර ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගාල්ල කණ්ඩායමට ලකුණු 15 ක ජයක් හිමි වුණා.දඹුල්ල ඉණිමේ දැවී යාම නවයෙන් තුනකටම හේතුව දුවද්දී දැවීයාම බවට පත්වීම ද කැපී පෙණුනා.
පළමු තරගයේදී කඩුලු 9 ක ජයක් හිමි කර ගත් කොළඹ දකුණ කණ්ඩායම දෙවන තරගය මහනුවර කණ්ඩායමට එරෙහිව ජය ගත්තේ එක් කඩුල්ලකින් වීම කැපී පෙණුනා.පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම ලකුණු 197 ට සීමා කරන්නට සමත් වුණත් පිළිතුරු ඉණිමට පිවිසි කොළම දකුණු කණ්ඩායමට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම පහසු වුණේ නැහැ.දිමුත් විමෝෂ් (39/3) සහ චනුල් කොඩිතුවක්කු (27/2) පන්දු යැවීම ඉදිරියේ දකුණ කණ්ඩායමට කඩුලු 9 ක් ම ලකුණු 171 දී අහිමිව ගියා.


පන්දු යැවීමේදී කඩුලු නොලැබුවද,පන්දු ඕවර් 8 ක් ලකුණු 19 ට සීමා කළ මතීෂ අපෝන්සු අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිස නොදැවී ලකුණු 46 ක් ලබා ගනිමින් සහ අවසාන ක්‍රීඩකයා වූ ඔෂධ මනහාර (නොදැවී ලකුණු 7) සමඟ අවසාන කඩුල්ලට ලකුණු 27 ක නොබිඳි සබඳතාවයක් පවත්වමින් කැපී පෙණුනා.එසේම කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම ඉණිම දියත් කළ ස්ටීවන් පීරිස් ලකුනු 76 ක් රැස් කර මුළ ලකුණු ප්‍රමාණය ලකුණු 171 දී දැවී ගිය අතර ලකුනු 95 දී 8 වන කඩුල්ල ද අහිමිව ගිය පසු ස්ටීවන් නවවන කඩුල්ලට මතීෂ සමඟ ලකුණු 76 ක සබඳතාවයක් පැවත්වීම කැපී පෙණුනා.මතීෂගේ සහ ස්ටීවන්ගේ ඉණිම් මතින් කොළඹ දකුණ කණ්ඩායම 50 වන ඕවරයේ තුන්වන පන්දුවේදී සිය ලකුණු පූවරුව කඩුලු 9 ට 198 ක් බවට පත් කර ගනු ලැබුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...