රජයට මුක්කු ගසා සිටින මන්ත්‍රී පඹයන් පාලනය කරගන්න – සජිත්ගෙන් දැඩි ඉල්ලීමක් (VIDEO)

Date:

මේ වන විට රජයට සහය දෙමින් සිටින මන්ත්‍රීවරු අධිකරණයට, විනිසුරන්ට මෙන්ම මාධ්‍යයට තර්ජනය කරමින් අපහාස කරමින් පසුවෙන අතර එලෙස අපහාස කිරීමේ නීතිය අදාළ වන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පමණක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) මාධ්‍ය හමුවේ රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

රජය ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග විනාශ කරන ගමනක් යමින් සිටින බවටයි විපක්ෂ නායකයා චෝදනා කළේ.

ඒ අනුව රජයට මුක්කු ගසා සිටින මන්ත්‍රී පඹයන් පාලනය කරගන්නා ලෙස ඔහු අවධාරණය කරන ලදී.

”දැන් මාධ්‍ය නිදහසක් නැද්ද? රජයට මුක්කු ගහන පලියට මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න පුලුවන්ද? මේ රටේ මාධ්‍ය නිදහසක් නැද්ද? ඉදිරියේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මාධ්‍යට භාවිතා කරනවා කියල කියයිද දන්නේ නැහැ. ජැක් ගහන මන්ත්‍රී පඹයන්ව පාලනය කර ගන්න කියල අපි කියනවා.අපි තවදුරටත් නිහඬව සිටින්න සූදානම් නැහැ. මේ මර්දනයට එරෙහිව ළඟදීම වීදියට බහිනවා. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රජයට පුර්ණ සහය දෙන්න ලෑස්තියි. රජයේ මිලේච්ජත්වයට යටවෙන්න, මර්දනයට, තර්ජනයට, පැහැර ගෙන යාම ඉදිරියේ නිහඬව ඉන්න සුදානම් නැහැ. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජයේ න්‍යාය පත්‍රයේ ඉහළ තැනක් දීල මන්ත්‍රී පඹයන්ව පාලනය කරගන්න කියල ඉල්ලික්මක් කරනවා.” යනුවෙන් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...