පොලිස් නිලධාරීන්ගේ දීමනා ගැන ප්‍රශ්නයට ඇමති ටිරාන් දුන් පිළිතුර (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට ද ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ලැබෙන ආහාර දීමනාවේ අගයට සමාන වන පරිදි බටා දීමනාව ලබන වසරේ සිට වැඩි කිරීමට උත්සාහ දරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ජගත් කුමාර මන්ත්‍රීවරයා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

“මේ ප්‍රශ්නය හඳුනාගෙන තිබුණු නිසා තමයි අපි ජනවාරි පළමුවෙනිදා ඉඳලා බටා එක දින 14 සිට 21 දක්වා වැඩි කෙරුවේ. ඒ මොකද, අපට බටා එකකුයි, ආහාර දීමනාවකුයි දෙකක් දෙන්න බෑ. ඉතින් හමුදාවල ආහාර දීමනාව දෙනවා වගේ ඒකට සරිලන පරිදි අපි බටා එක හදනවා. එතන එකම වෙනස තියෙන්නේ දිනක බටා එකේ ගාණයි හමුදාවේ ආහාර දීමනාවේ ගාණෙයි වෙනසක් තියෙනවා. අපි උත්සාහ කරනවා ලබන අවුරුද්දේ ඉඳලාවත් ඒක එක සමාන කරන්න. එතකොට විශ්‍රාම වැටුපට මේ දීමනාව එකතු කරන එකත් අපට නැවත බලන්න වෙනවා, ඒකට මට හරි උත්තරයක් දෙන්න අමාරුයි මේ වෙලාවේ”

එසේම අමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයට ලබාදෙන විශේෂ දීමනාව පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 234 දෙනාට ද ලබාදෙන ලෙස ඩලස් අලහප්පෙරුම මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ “මේ ගැන මම හරියටම බලන්න ඕනේ. මොකද මේ නිලධාරීන් අනුයුක්ත වෙලා තියෙන්නෙ MSD එකට නම් ඔවුන්ට ඒ දීමනාව ලැබෙන්න ඕනෙ. ඒක මම සොයලා බලන්නම්. ඒකම පාර්ලිමේන්තුවේ මේ ඉන්න නිලධාරීන් ප්‍රමාණයට පමණක් නෙවෙයි, තව පොලිසිය ඇතුළෙ දෙපාර්තමේන්තු කිහිපයක් තියෙනවා මේ දීමනාව නොලැබෙන, ඒ ගැනත් අපි මේ සාකච්ඡා කරනවා පුළුවන් නම් එළඹෙන අයවැයෙන් ඒකත් ලබාදෙන්න” යනුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...