*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

බෙල්ල මිරිකන්න මිස මේ බදා ගැනීම සිප ගන්නට නොවේය..ලංකාවට නොතේරෙන මේ ඇත්ත තේරුම් ගත් තිවාරි

ආසියානු රගර් සම්මේලනයේ බදා සිප ගැනීම වෙනුවට ගෙල මිරිකීමේ සම්ප්‍රදායට දායකවන්නන් බවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ඔහු පත්කළ ස්ථාවරකරණ කමිටුව පත්වෙමින් ඇත.ජාතික ක්‍රීඩා සභාවේ සිටින ලසිත ගුණරත්න සිප වැළද ගැනීමේ මුවාවෙන් ගෙල මිරිකීම දක්වා ආසියානු සභාපතිවරයා පෙළඹූ සාධකයය.අද ඔහු ද ඔහු කළ වරදට ගෙල මිරිකන විට ඊට පහසුකම් සපයන්නෙක් වී සිටීම එක අතකින් හාස්‍යජනකය.වඩාතම හාස්‍යජනක ඔහු අමාත්‍යවරයාට ද ඒ සඳහා උපදෙස් දෙන්නෙක් බවට පත් වී සිටීමය.

මේ සියලු ඉතිහාස කරුණු වසං කරමින් අද ආසියානු සභාපතිවරයාට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා රගර් ගමන අඩාල කිරීම සම්බන්ධයෙන් මුනිවත රකින්නන් අතර ආසියානු සභාපතිවරයාගේ ආසන්නයේම සිටින අසංග සෙනවිරත්න ද වන්නේය.එදා වත්මන් ආසියානු සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ ඡන්දය දිය යුතු බවට ලසිත ගුණරත්න සමඟ ගැටුණු කෙනෙක් වන්නේ අසංකය.එම මතය දැරූ අනෙකා අද ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා රගර් තහනම් කිරීමේ ද්වේශ සහගත කාරණයේදී එම ද්වේශය ඉලක්ක කර සිටින රිස්ලි ඉල්ලියාස් ය.

රිස්ලි සහ අසංග එදා වත්මන් ආසියානු සභාපතිවරයාට ඡන්දය භාවිතා කළ යුතු බව කියද්දී ලසිත ඡන්දය භාවිතා තළේ ජපාන අපේක්ෂකයාටය.එදා ලසිතගේ තීරණය උඩ ගෙඩි දුන්නෝ ද අද ආසියානු සභාපතිවරයාගේ උවමානවද ගෑවි ඇති ලංකාවේ අමාත්‍යවරයා පත් කළ ස්ථාවරකරණ කමිටුවේය.මේ කාරණය ආසියානු සභාපතිවරයාට “ලසිත තමාට ඡන්දය නොදීමේ වෛරය වෙනස් ආකාරයකින් ලංකාව තහනම් කිරීමට යොදා ගන්නට පහසු කරුණක් වන්නේ කෙසේද” යන්න ඊ ළඟට කල්පනාවට ගත යුතු වන්නේය.
අසංග සෙනවිරත්න ආසියානු සභාපතිවරයාගේ සමීපතමයාය.ඔහුට නිලවරණයකින් බලයට ඒමට අපහසුය.මන්ද ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශිය ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීමේ චෝදනාවේ ප්‍රධාන ඉලක්කරුය.ඒ වෙනුවෙන් පැන වූ පවුම් 50000 ක දඩය අදත් ශ්‍රී ලංකා රග්බි මත පැටවුණු මහා බරක්ය.
ලසිත සභාපතිවරයෙකු ලෙස සිය කාලයේ වඩාත් හොඳින් ශ්‍රී ලංකා රග්බි ණය කිරීමේ කාරණයට දායක වූවන්ගෙන් කෙනෙකි.මේ තත්ත්වය මත රගර් සමාජය තමන්ට අවශ්‍යය ක්‍රීඩා සමාජ කිහිපයකට හකුලා ගෙන බලයට ඒම හැරෙන්නට ජනප්‍රියත්වය බිංදුවට හින්දවා ගෙන සිටින පිරිසට ඒ සඳහා ඇති අනෙක් මාර්ගය අමාත්‍යවරයාගේ මාර්ගයෙන් ක්‍රීඩා පණත උපයෝගී කරගෙන අතුරු කමිටුවකට ඒමය.දැන් පැමිණ ඇති අතුරු කමිටුව ඒ සඳහා නීත්‍යානුකූල මාර්ගයක් සකසා ගැනීමට ඡන්ද දායකත්වය තිබෙන තත්ත්වයෙන් හකුලා ගන්නට බලවත් ඕනෑකමක් දක්වන්නේ ඒ නිසාය.වත්මන් ඡන්ද දායකත්වය නවසීලන්ත ජාතිකයෙක් විසින් ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව සහ එහි ඡන්ද දායකයන් නිර්ණය කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සකස් කළ ව්‍යහුයක දිගුවක් මිස වත්මන් පරිපාලනයෙ සියයට සියයක් සකස් කළ එකක් නොවේය.


ආසියානු සභාපතිවරයා සිය රටේ ලාබාල රගර් සාමාජිකත්වය සමඟ වසර සියය ඉක්මවා ඇති ශ්‍රී ලංකාවේ රගර් කරා ප්‍රහාර එල්ල කරන්නට යොදාගන්නේ ලාංකිකයන්මය.පළමුව ලංකාවේ රගර් සන්නාම පවුල ලෙස වැජඹුණු නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ දේශපාලන භූමිකාව රගර්වලට ඈදා නොගනිමින් ස්වාධිනව කටයුතු කළ රගර් පරිපාලනයට උපදේශක සභාවක සභාපතිවරයෙක් ලෙස අසංග සෙනවිරත්න රගර් පරිපාලනයට සම්බන්ධ කරන්න උත්සාහ කරන්නේ ඒ නිසාය.එය ආසියානු සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ රගර් සම්බන්ධයෙන් ඇති අරියාදුව පියවා ගැනිමට හොඳ අවස්ථාවක් මෙන්ම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට ද තමන්ගේ ආඥාවන් හ්‍රී ලංකා රගර් කෙරෙහි පැතිරවීමට හොඳ අවස්ථාවක් විය.නමුත් ශ්‍රී ලංකා රගර් තමන්ගේ ස්වාධීනත්වය රැක ගනිමින් කටයුතු කළා විනා භාහිර බලපෑම්වලට හිස නොනැමුවේය.


නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රගර් විසුරුවාලීමේ නියෝගය දෙන්නේ එම හිස නොනැනීමෙන් පසුව ගෙල සිදීමට වුව එය නීතිය හමුවේ සාර්ථක වන්නේ නැත.නමුත් ආසියානු සභාපතිවරා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා සමඟ සිට ශ්‍රි ලංකා රගර් සම්බන්ධයෙන් කරන බලපෑම් ගැන ශ්‍රි ලංකාවේ රගර් සභාපතිවරයා පෞද්ගලිකව අන්තර් ජාලය හරහා සිඳු වූ සංවාදයකදී ආසියානු සභාපතිවරයාට දොස් පවරන්නේය.තමන්ගේ රටේ ක්‍රිඩාවේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීම ගැන චෝදනා කරන දොස් පවරන සංවාදයක් හේතු කරගෙන ආසියානු සභාපතිවරයා තමන්ගේ සභාපති බලතල අනිසි විදිහට යොදා ගෙන කරනු ලබන බලපෑමට දොස් පැවරීම ඒ රටක ක්‍රීඩා අමාත්‍යවරයෙක් භාරගත යුත්තේ කෙසේද?
රට වෙනුවෙන් පෙනී සීටීමක් ලෙස ද,එසේත් නොවන්නේම් ආසියානු සභාපතිවරයාට නිවට එළුවා සේ නිකට නොපෑම ගැන රටේ සභාපතිවරයාට දඩුවම් කිරීමෙන් ද?
සිදු වී ඇත්තේ දෙවන කාරණාවය.එය දේශප්‍රේමීත්වයේ සළුවලින් ද සරසමින් ඇත.ජාතිවාදයේ අගුපිලවල සාද බවට ද පත් කරමින් සිටින්නේය.රාජපක්ෂ කදවුරේ ස්වභාවය එබඳුය.ඉහළම මුස්ලිම් ප්‍රජාවගේ ධනවත්කම සහ ත්‍යාගශීලීකම සමඟ ආරාවුලක් නැත.නමුත් පහළ සමාජයට සම්බන්ධ වන තැන ගිණි අවුලුවා බහුතර පීඩිතයන්ගේ නූගත්කම අවුලුවා ඡන්ද බා ගැනීමේ උවමනාව ඔවුන්ට ඇත.මෙහිදී ඒ වෙනුවෙන් ප්‍රශස්ති ලියන්නට ගයන්නට ඉන්න පිරිසටද ආසියානු සභාපතිවරයා ළඟ දෙපතුලෙන් වැටීම මුස්ලිම්වරයෙක්ගේ පදයට නැටීමක් ලෙස නොපෙනේය.
මේ අමුතු නාටකයේ රඟ දැක්වීම නිසා රගර් ක්‍රීඩාවට ආසියානු ක්‍රීඩා උළෙලේ තිරය වැසී යමින් ඇත.අධිකරණයේ විවිධ හේතු මත දුන් තීන්දුවට ස්ථාවරකරණ කමිටුව හකුලා දැමීම ඇතුළත් කිරීම පමා කරවමින් එම කමිටුව විසින් පමා කිරීම පිණිසම ශ්‍රේෂ්ඨාධිකරණය දෑත දිගු කර ඇත.පමා වීමෙන් ආසියාකු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා රගර් ඇතුළත්වීම වැළකවෙනු ඇත.එහි එක් පියවරක් ලෙස ආසියානු සම්මේලනය උපුටා දක්වමින් ශ්‍රී ලංකාව නොමැතිව රගර් ක්‍රියාත්මක කිරීමට කරන සැළසුම් ගැන ප්‍රවෘත්ති සිව් අතේ පා විය.ඒ ජාත්‍යන්තර සම්මේලනය ද ජාතික ඔලිම්පික් කමිටුව හරහා රගර් කණ්ඩායමට සහභාගි විය හැකි බව කියා තිබියදීය.


නමුත් මේ ප්‍රවෘත්තියට රිදෙන්නට පහර දෙන්නට ආසියානු ඔලිමිපික් කමිටු ප්‍රධානියා මේ වන විට ක්‍රියා කර ඇත. ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විනෝද් කුමාර් තිවාරි,ථආසියා රග්බි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී බෙන්ජමින් වැන් රූයන් වෙත ලිපියක් යවමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසයි.ආරංචි මාර්ගවලට අනුව ජාතික ඔලිමිපික් කමිටු සභාපතිවරයා ද ජාත්‍යන්තර රගර් සම්මේලනයට ඒ ආකාරයේම ලිපියක් යොමු කර තිබෙන්නේය.


තිවාරි ආසියානු විධායක නිලධාරියාට පවසන්නේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ධජය යටතේ සහභාගී කිරීමට ඔවුන් එකඟතාවය පලකළා. කෙසේ වෙතත් කණ්ඩායම පදක්කමක් දිනුවහොත් එය ශ්‍රී ලංකා පදක්කම් සටහනට බැර වනු ඇති බවත්ය.මේ ආසියානු ඔලිම්පික් සංගමය ආසියානු රගර් සංගමයේ ක්‍රියා කළාප හමුවේ නිවැරදි වනු ඇතැයි බලා සිට කරනු ලැබූ පළමු නැගිටීමය.ජාත්‍යන්තරය තරමටවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සහ රගර් ක්‍රීඩාව වෙනුවෙන් ආදර මවා පෑම් පෙන්නන්නන් ආසියානු රගර් සභාපතිගේ උවමනාවන් රට ඉක්මවා වැළඳගෙන සිටියදී සැබෑ ක්‍රීඩාවේ ප්‍රෙම්ය අවදි විය යුත්තේ කෙසේද යනුවෙන් තිවාරි පෙන්වා දෙන්නේය.
එසේම දැන ශ්‍රේෂ්ඨාධිකරණයට ස්ථාවරකරණ කමිටුව ඉදිරිපත් කරන නඩුව කවරේද යන්න පැහැදිළි කර ගැනීම දුෂ්කරය.අභියාචනාධිකරණයෙන් අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශ නිලධාරීන්ගෙන් බලපෑම් වීම නවතා ඇත්නම් සහ ජාත්‍යන්තර රගර් සම්මේලනය දේශපාලන අතපෙවීම් ලෙස ශ්‍රී ලංකාවේ රගර් තහනම් කර ඇත්නම් අමාත්‍යවරයාගේ දේශපාලන බලය පදනම් කරගෙන පත් වූ ස්ථාවරකරණ කමිටුවට නීතිමය වලංගුතාවයක් තිබෙන්නේ කෙසේද?ජාත්‍යන්තර සම්මේලනයනම් ශ්‍රී ලංකාව දැනුවත් කරන්නට එවන ලිපිවලදී ඒවා යොමු කරන්නේ අමාත්‍යවරයා විසින් විසුරුවන ලද ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ විධායක නිලධාරියාටය.ඒ අනුව ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ ස්ථාවරකරණ කමිටුව දේශපාලන අතපෙවීමක් නිසා ඔවුන්ය ශ්‍රී ලංකාවේ රගර් සම්බන්ධ කටයුතුවලදී සම්බන්ධ කර නොගන්නා බවය.


මේ මොහොතේ ඇති වී තිබෙන තත්ත්වය මත ස්ථාවරකරණ කමිටුව අධිකරණයට සිය නීතිඥයන් මාර්ගයෙන් අමාත්‍යවරයා මූලික වන අමාත්‍යංශය හරහා ආසියානු රගර් වෙනුවෙන් තමන්ට මුදල් ලබා ගත හැකි බව වාර්තා කිරිම අධිකරණ වාර්තාවලින් හැලීම ඒවා සටහන් කරන පුද්ගලයන් විසින් අධිකරණයේ ස්වාධීනත්වය ගැන සැක මතු කිරීමක්ය.එසේ ජාත්‍යන්තර රගර් සම්මේලනය පිළි නොගන්නා,රටේ ජාතික ඔලිම්පික් කමිටුව පිළි නොගන්නා සහ අභියාචනාඡිකරණය ද රගර්වලට අත පෙවීමෙන් වළකින්නට අමාත්‍යවරයාට පවසා තිබියදී ඒ සියලු කරුණුවලින් පැහැදිළි වන්නේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම නොවිය යුතු බවනම්,ඔහු පත් කළ අතුරු කමිටුව වලංගුභාවයක් ඇතැයි අධිකරණවල රස්තියාදු වෙමින් අමාත්‍යවරයාගේ සහය ගැන ඉඟි බිඟි සැපයීම සෑම ආකාරයකින්ම වැරදි නොවන්නේද?
කෙසේ හෝ ජාතික ඔලිමිපික් කමිටුව තිවාරිගේ ආශිර්වාදය ඇතුව රගර් ආසියානු තරගාවලියට රැඟෙන යනවානම් ඔවුන්ට සම්පත් දායකයන් සේ සළකා අමාත්‍යවරයා විසුරුවා හරින ලද,එහෙත් තමන් පිළිගන්නා කී ශ්‍රී ලංකා රගර් හී නිල මඩුල්ල ශ්‍රී ලංකා රගර් නම් නමින් බැහැරව සම්බන්ධ කර ගැනීමේ අර්බූදයක් පෙනෙන්නේ නැත.එවැනි අවස්ථාවක අමාත්‍යංශයට එම රගර් කටයුතු සඳහා උදව් උපකාර කිරීමෙන් වැළකෙන්නට නොහැකිය.අයුතු,ස්වාධීනත්වයට හානිකර බලපෑම් නොකරන්නට මිස රටේ ක්‍රීඩාවක් හැටියට රගර් ක්‍රීඩාවට පහසුකම් සැපයීම වළක්වන්නට අධිකරණය නියම කරන්නේ නැත.ඒ නිසා අධිකරණයෙන් දෙන තීන්දුව ක්‍රීඩාවට හානිකර ලෙස නිර්වචනය කරගෙන කිසිවෙකු හැසිරෙන්නේනම් එය එක්තරා අන්දමට නීතියට අවමන් කිරීමක් වන්නට ද හැකියාව ඇත.


මේ සටහන ලියැවෙන මොහොත වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ලිමේන්තු සභා ගර්භයේ සාකච්ඡාවට ලක් වෙන්න නියමිතව ඇත.නමුත් මේ රගර් ගැටළුව සහ ඒ හරහා ආසියානු තරගාවලිය රගර්වලට අහිමිවන්නට තියෙන ඉඩ උත්තරීතර සභාවට අදාළ නොවන්නේ ඇයි? චැනට වසර තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රීඩා අධිකාරිය සහ ආසියානු සභාපතිවරයා රගර් මත ඇති කරන පීඩනය වැරදි කියන්නටත් ආසියානු සභාපතිවරයගේ ශ්‍රී ලංකා විරෝධතාවයට හේතුව අද අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සිටින පුද්ගලයෙක්ගේ නිලවරණ පොරොන්දුවක් කඩ කිරීමක් බව හදුනාගන්නටත් අද ද ඇමති පුටුවක සිටින 2018 හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් සතුව සාක්ෂි තිබිය යුතුය.ආසියානු සභාපතිවරයා යම් ආකාරයකට තර්ජනයක් කරන ආකාරයට ඒ අමාත්‍යවරයාට එවූ ලිපිය ද සමඟ මෙහ ඉතිහාසය කරළියට ගෙනෙන්නට පාර්ලිමේන්තුවට හැකියාව ඇත.රටක උත්තරීතර සභාවක මේ ප්‍රශ්නය කතා කරන්නේනම් එළියට ගත හැකි කරුණු රැසක් ඇත.


විදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවමින් පවුම් 50000 ක දඩයකට රට යටත් කළ පුද්ගලයෙක් ආසියානු රග්බි සමඟ සම්බන්ධ වී සිටීම සාධාරණ ද යන්න එම තොරතුරු සමඟ ආසියානු මණ්ඩලයෙන් විමසිය හැකිය.එසේම එම මුදල ශ්‍රී ලංකා රග්බි වසරින වසර ගෙවන්නේ කුමටකට ද,යම් ප්‍රමාණයක් හෝ එම තීරණය ගත් ප්‍රධානීන්ගෙන් අය කර ගන්නට බැරිද?ඔවුන්ට ආගමන සහ විලමන පණත හරහා කිසිවක් සිඳු නොවී අද ද පහුසවෙන් විදේශ සංචාරවලට ඉඩ ලැබෙන්නේ කොහොමද?
අද අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික ලසිත ගුණරත්න පොරොන්දු කඩ කරමින් ආසියානු සභාපතිවරයා පත් කිරීමේදී වත්මන් ආසියානු සභාපතිවරයාට ඡන්දය නොදීමෙන් කෝපයට පත්ව ආසියානු සභාපතිවරයා අමාත්‍යවරයෙකුටම ශ්‍රී ලංකාවේ රගර් සම්බන්ධයෙන් යම් තර්ජනයක් කර ලිපියක් එවා නැද්ද?
එසේම පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකාව යටත් කරන්නට මුල් වූ සභාපතිවරයා හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් රගර් ක්‍රීඩාවට උපදෙස්ද දීම සඳහා පත් කළ කමිටුවට සභාපතිවරයා ලෙස ඇතුළත් කිරීම අඩුම තරමේ සදාචාර සම්පන්න ද යන්න ද කතා කළ හැකිය.


පසුගිය වසර 15 ක පමණ කාලය සළකා ශ්‍රී ලංකා රග්බි වෙත ඇති වූ පාඩුව (ණය) එක එක සභාපතිවරයාගේ ධූර කාලවලට අනුව පෙන්වා දිය හැකිය.එසේම ණය වළක්වා ගැනීමට සහ අඩු කිරීමට ඒ ඒ පුද්ගලයා දක්වා ඇති දායකත්වය ගැන සාකච්ඡා කළ හැකිය.තරගාවලි නොපැවත්වීම සහ පැවත්වීම,අලුත් තරගාවලි හඳුන්වා දීම,රගර් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම,ජාත්‍යන්තර තරග පිටියේ ප්‍රතිපලවල ධනාත්මක භාවය හා සුවිශේෂීතා ලෙස මේ කරුණු ගැන විමසා බලන්නට පාර්ලිමේන්තුවට අවශ්‍යයතාවය ඇත.රටේ ක්‍රීඩා ඇමතිවරයා දේශීය රගර් අනුග්‍රාහකයන්ට කතා කර ශ්‍රී ලංකා රග්බි අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් ගෙනා කොන්දේසිවලට එකඟ කරවා ගැනීම වෙනුවට කළේ ඔවුන් ගේ නියෝජිතයෙක් තමන්ගේ ක්‍රීඩා අනුග්‍රාහක වැඩ සටහනට සම්බන්ධ කර ගෙන ආසියානු සම්මේලනයේ අනුග්‍රහයට එක් කර එහි ප්‍රධාන ආරාධිතයෙක් වී ත්‍යාග ප්‍රදානයට එක්වීමය.


නමුත් එවැනි තත්ත්වයක ඇමති පා ලෙවීම පසෙකලා තමන් කෙරෙහි විශ්වාසය ඇතිවන ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකා රගර් නව අනුග්‍රාහයන් පොකුරක්ම සොයා ගත්තේය.එහෙත් එවැනි රගර් ක්‍රීඩාවක් අධිකරණය ගාණේ රස්තියාදු කරමින් ආසියානු පදක්කමකට යාම වළක්වා ගැනීමට මහත් වෙහෙසෙන් කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් තෝරා ගැනීමට ආසියානු සභාපතිවරයාට හැකි වීම මේ රටේ ඇතැම් පුරවැසියන්ගේ කාලකණ්නිකම සංඛේතවත් කිරීමක්ය.පාර්ලිමේන්තුවද මේ ගැන වගේ වගක් නැති සේ කිසිඳු කරුණක් සාකච්ඡාවට නොගනැනීම ගැන අපට එහි සිටින 225 දෙනාගෙන් අසන්නට ඇත්තේ “ඔක්කොම යාළුවොද” යනුවෙන්ය.ආසියානු සභාපතිවරයාගේ දීර්ඝ තරහා ගැන කියන්නට සාක්ෂි ඇත්තෝ ද මේ 225 අතරේ සිටියදී යාළු මිත්‍රකම්වල ඇලී රටක ක්‍රීඩාවක් විනාශ වීමය දී දිනා ගත හැකි පදක්කමක් අවදානමට ලක් කිරීම ගැන ගමේ භාෂාවෙන් කියන්නේනම් කිවිය යුත්තේ “හෙන ගහන්න ඕනි ඕකුන්ට” කියා ය.

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan