ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කෙරිණි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් සිව්වන කුඹල් පෙරහැර වීදි සංචාරය
කිරීම අද (24) රාත්‍රී සිදුවේ.


පස්වරු හය පසුවී මිනිත්තු පනස්හතට යෙදෙන සුබ මොහොතින් පිටත්වන දළදා
පෙරහැර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන්
ඉහළට ගෙවැදීමට නියමිතය.


ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවැනි කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කළ
අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ඉන්දිරාජා ඇතු
විසිනි. කණ්ඩුල හා මියන්රාජා ඇතු එහි දෑල ඇතුන් වශයෙන් ගමන් ගත්තෝය.
නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින්
ගමන් ගත් දළදා පෙරහැරේ ඊයේ ගමන් ගත්තේ ශ්‍රී විෂ්ණූ දේවාලයේ බස්නායන
නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතායි.


පෙරහැර ගමන් ගන්නා වීදියේ රැදී සිටිමින් කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස්
විදෙස් විශාල ජනකායක් ඊයේ දිනයේත් සහභාගීව සිටියෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...