*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ස්වාධීනත්වය, ප්‍රගතිශීලිත්වය අමු අමුවේ පාවා දෙන මිනිස්සු ඉන්න රටක් මේක – අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තමන්ගේ ස්වාධීනත්වය, ප්‍රගතිශීලිත්වය අමු අමුවේ පාවා දෙමින් මිනිස්සු නිර්වස්ත්‍රව එකට පෙළගැසී වේදිකාවේ රඟපාන අයුරු දැක  සතුටක් ද ඇති වෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

තීරණාත්මක සටනේදී රජුගේ ආරක්ෂාව වෙනුවෙන් සොල්දාදුවන් කැමැත්තෙන් බිලිවෙන තත්වයක් මේ දවස්වල දකින්න ලැබෙන බවද ඔහු කීවේය .

මාධ්‍ය සාකච්ඡාවකදී තවදුරටත් දිසානායක මහතා පැවසූවේ

” පාලක කණ්ඩායම් එක්ක ස්වාධීන, ප්‍රගතිශීලී, සමාජ ක්‍රියාකාරී වගේ ලේබල් එක්ක සිටි කණ්ඩායම් පෙළගැසෙන්නේ කොහොමද කියලා සමහර රටවල අත්දැකීම්වලින් තේරුම් ගන්න පුළුවන්. සමහර පොතපත කියවලා ඉගෙන ගන්න පුළුවන්. වර්තමානයේ අපි ඒ දේශපාලන පාඩම අත්විඳිමින් සිටිනවා. තමන්ගේ ස්වාධීනත්වය, ප්‍රගතිශීලිත්වය අමු අමුවේ පාවා දෙමින් මිනිස්සු නිර්වස්ත්‍රව එකට පෙළගැසී වේදිකාවේ රඟපාන හැටි දැක්කාම අපට සතුටකුත් ඇති වෙනවා. තීරණාත්මක මේ සටනේදී රජුගේ ආරක්ෂාව වෙනුවෙන් සොල්දාදුවන් කැමැත්තෙන් බිලිවෙන තත්වයක් මේ දවස්වල දකින්න ලැබෙනවා. දේශපාලන රඟ මඬලේ විශේෂ තත්වයන් එළි දක්වන අතර, ඒ සිදුවීම් පෙළගස්වා පළල් සාකච්ඡාවක් කළ යුතුව තිබෙනවා. මෙතෙක් කල් ප්‍රගතිශීලි මුහුණුවරකින් සිටි කෙනා, නිමේෂයකින් පරිවර්තනය වුණේ කොහොමදැයි සමහර අය වික්ෂිප්තභාවයට පත්වෙනවා. පවතින පාලනයට එරෙහිව සිටි කණ්ඩායම් පාලකයාගේ ආරක්ෂාව වෙනුවෙන් බිලිවෙන සොල්දාදුවන් බවට පත්වුණේ කොහොමද කියලා විශ්මයට පත්වෙන පිරිසක් ඉන්නවා. ලංකාවේ තීරණාත්මක අවස්ථාවේ මේ කිසිවක් අප අපේක්ෂා නොකළ දේවල් නොවෙයි. තීරණාත්මක ලෙස මේ කඳවුරු දෙක ප්‍රධාන සාධක කිහිපයක් මත ගොඩනැගෙනවා.

එකක් වන්නේ වසර 75ක් රට පාලනය කර, දුගීභාවයේ පතුළටම ඇද දැමූ ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කරන කණ්ඩායම. ජාතික ධනය ඉතා අතළොස්සක් මත සංකේන්ද්‍රණය වීම නියෝජනය කරන කණ්ඩායම ඒ අයයි. අනෙක් පැත්තේ ජනතාව හවුල් කර ගත් වේගවත්ව රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන සහ එම ධනය ජනතාව අතර සාධාරණව බෙදන නව ආර්ථික විකල්ප යෝජනා ඉදිරිපත් කරන එන්.පී.පී. කඳවුර සිටිනවා. ආර්ථික තලයේ බෙදීම මේක. දේශපාලන තලයේ බෙදීමකුත් තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, පරම්පරාගත දේශපාලනය, නීතියට වඩා උඩින් ඉන්න දේශපාලනය, නීතියට අනුගත නොවන දේශපාලනය යන තත්වයන්ගෙන් සැදුම් ලත් පැරණි දේශපාලන කණ්ඩායම එක පැත්තක ඉන්නවා. වංචාව, දූෂණය නතර කොට නව දේශපාලන සංස්කෘතියකට අපේ රට පරිවර්තනය කරන එන්.පී.පී. කඳවුර අනෙක් පැත්තේ ඉන්නවා. දූෂිත වළල්ලත් එහි ආරක්ෂිතයනුත් එක කඳවුරකට  එක්වී සිටිනවා. දූෂිත වළල්ලේ ඒ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලාට එරෙහිව දූෂිතයන්ට දඬුවම් දීම සඳහා ගොඩනැඟෙන නව කඳවුර එන්.පී.පී. කඳවුරයි. ඉදිරි වසරක පමණ කාලයක ජාතික මැතිවරණයක් පැවැත්වෙන තෙක් මේ කඳවුරු දෙක දිනපතා ධ්‍රැවීකරණය වෙමින් යනවා.

මේ තීරණාත්මක දේශපාලන මොහොතේ කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ස්වාධීනව ඉන්න බැහැ. ඍජුව හෝ වක්‍රව මේ කඳවුරු දෙකෙන් එකක් තෝරා ගන්න බලකෙරෙනවා. බලයට එන ඕනෑම ආණ්ඩුවක් සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කරන බව පවසන්නේ තමන්ගේ දේශපාලන තක්කඩිකම වසා ගන්න. ඊයේ ප්‍රගතිශීලී වෙස්මුහුණු පැළඳගෙන සිටි කෙනාට සියල්ල උනාදමා තමන්ගේ කඳවුර තෝරා ගන්න බලකෙරී තිබෙනවා. අපි අපේ ජීවිත කාලය තුළ අත්විඳින තීරණාත්මක නිමේෂයක් මේක. ඒ නිසා මේ පැහැදිලි ධ්‍රැවීකරණය වීම බොඳ කරන්න විශාල උත්සාහයක් පවතිනවා.  එහෙම නැතිනම් අතිශය භයානක පොල්පොට් වගේ පාලනයක් බිහිවෙන බවට සමාජයේ භීතියක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මේ අය තේරුම් ගන්න උදාහරණය 1994 චන්ද්‍රිකා බලයට ගේන්න විහාර මහාදේවී යැයි කියපු අය, චන්ද්‍රිකාගේ බලය පිරිහෙන විට චෞර රැජින කී ආකාරය මතක තබාගන්න. මේ වන විට හැමකෙනාටම මේ දේශපාලන රඟ මඬලේ තමන්ගේ භූමිකාව තෝරා ගන්න බල කෙරී ඉවරයි. අද අපි කතා කරන්නේ මේ ධ්‍රැවීකරණයේ ප්‍රධානම අංශයක් වන දූෂණය ගැන ”  ලෙස ඔහු කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan