ජෝ රූට්,රූට් එකෙන් පිට පනින්න ගිය එංගලන්තය රැක ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 25, (LNW) කොළඹ :

අප ඊයේ (අගෝස්තු 24) සටහනෙන් පැහැදිළි කළේ අත ආබාධයට ලක් වුව ද,දිනේෂ් චන්දිමාල්ට උර මතට මහා බරක් ගන්නට සිඳුවන බවය.එය ආකාරයෙන්ම සිඳු විය.කමිඳු මෙණ්ඩිස් ලැබූ ශතකය සමඟ පෑහී චන්දිමාල් 7 වන කඩුල්ලට ලකුණු 134 ක සබඳතාවයක් ගොඬ නැඟුවේය.එහෙත් එම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ පරාජය ආවරණය කරන්නට තරම් ප්‍රමාණවත් එකක් නොවීය.


ලකුණු 113 ක් ලැබ කමිඳු නික්ම යෑමෙන් පසුව චන්දිමාල් ට පසු පෙළ පිතිකරුවන් කඩුලු බේරා ගෙන රැකවල් යෙදීමක් සිඳු විණි නම් ශ්‍රී ලංකා ඉණිම,ලකුණුවලින් තව පොහොසත් වන්නට තිබිණ.එය එංගලන්තයේ ජයග්‍රහණය ප්‍රමාද කිරීම දක්වා හෝ පරාජය දක්වා ද හේතු ඇති කරන දෙයක් විය හැකිව තිබිණි.එහෙත් ඒ දේ සිඳු නොවුණු නිසා වැරෙන් පන්දුවට පහර දී ලකුණු පූවරුව ඉහළ දමා ගැනීමට උත්සාහ කිරීමට චන්දිමාල්ට සිඳු විය.


කෙසේ වුවත් චන්දිමාල්ට වුව ද,සිය ඉණිම පුරා රඳවාගෙන සිටි සංයමය තව දුරටත් රඳවා ගන්න හැකියාව තිබිණිනම් ශ්‍රී ලංකාවේ දෙවන ඉණිමේ මුලු ලකුණු ප්‍රමාණය වූ ලකුණු 326 ට වඩා යම් ලකුණු ප්‍රමාණයක් එකතු කර ගන්නට මෙන්ම,අඩුම තරමින් එංගලන්තයේ ජයග්‍රහණය තව පමා කරන්නට හෝ තිබිණ.එහෙත් එය එසේ සිඳු නොවී ශ්‍රී ලංකාවේ අවසාන කඩුල්ල හැටියට චන්දිමාල් ලකුණු 79 ට දැවී ගියේය.


එංගලන්තයට එල්ල වූ අභියෝගය ලකුණු 205 ක් ලබා ගෙන ජය ගැනීමය.එය සිතූ තරම් පහසු නොවීය.සෙමින් ලකුණු ලබා ගැනීම මේ වන විට එංගලන්තයේ ආර නොවේය.ඒ නිසා හොඳ ප්‍රහාරක වේගයක් සමඟ ඉලක්කයට සමීප වන්නට ගත් උත්සාහය නිසා ලකුණු 205 වෙත යාමේදී එංගලන්තයට කඩුලු 5 ක් අහිමි විය.
එහෙත් අත්දැකීම් පහුල ජෝ රූට් නොදැවී ජයග්‍රහණය තෙක්ම තඩුල්ලේ රැදී උන්නේය.නොදැවී ලකුණු 63 ක් ලැබූ රූට් පිටියට පිවිසෙන විට ලකණු පූවරුව කඩුලු 2 ට ලකණු 56 ක් විය.එතැන් සිට ඔහු සිව්වන කඩුල්ලට හැරී බෘක් (32) සමඟ ලකුණු 49 ක් එක් කළ අතර පස්වන කඩුල්ලට රූට් සහ ජෙමී ස්මිත් (39) සමඟ සබඳතාවය ලකුණු 64 ක් විය.රූට් නොව බොහෝ විට රූට්ගේ අත්දැකීම් නොවන්නට එංගලන්තයේ අලුත් රිද්මයේ වේගය පවත්වා ගෙන යාමට ගොස් සෙසු පිතිකරුවන් බිඳ වැටෙන්නට ඉඩ තිබුණත්,ඔහු සිය කල්පනාකාරී ඉණිම පවත්වා ගෙන යන අතරේ ම සෙසු පිතිකරුවන් ද යම් කිසි ආකාරයකින් පාලනයකට නතු කර ගෙන ක්‍රියා කළේය.


ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, රූට් සෙසු පිතිකරුවන් ද පාලනය කර ගෙන කණ්ඩායමේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආකාරය ආදර්ශයට ගත්තේනම් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට බෙහෙවින් වැදගත් ආයෝජනයක් වනු සැක නැත.
පහත දැක්වෙන්නේ ලකුණු පූවරුවය. https://es.pn/4dyNxNc

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...