සිස්ටම් චේන්ජ් කියන්නේ අධිකරණ තීන්දු දේශපාලන යූටියුබ්කරුවන් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීමද ? – සජිත් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදිව සිදුවිය යුතු බවත් නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරන්නට සියලු දෙනාම සූදානම් වුවත් යූටියුබ් හරහා දෙන යුක්තිය සාධාරණත්වය ගැන කිසිදු එකගතාවක් නොමැති බවත් අධිකරණය මගින් ලබා දෙන තීන්දු සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් දින ගණනාවකට පෙර දේශපාලන පක්ෂවල යූටියුබ් ක්‍රියාකාරීන් ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් එවැනි දෙයක් සිදුවිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය අධිකරණයට, යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, උත්තරීතර නීතියට කරන අපහාසයක් බවත් ක්‍රමයේ වෙනසක් කියා සිදු කර ඇත්තේ මෙය ද කියා ප්‍රශ්න කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයේ නීති රීතී ක්‍රියාත්මක වීමේ දී විනිවිදභාවයක් පිරිසුදුභාවයක් තිබිය යුතු බවත් දේශපාලන යූටියුබ්කරුවකුට යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයේ ගන්නා තීන්දු තීරණ පූර්වයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බවත් එවැනි දෙයක් සිදු වන්නේ ඒකාධිපතීත්වය රජකරවන ආඥාදායකත්වය රජකරවන රටක මිස අප රට වැනි ප්‍රජාතන්ත්‍රවාදය රජකරවන රටක එවැනි දෙයක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රෝහල් ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ඊයේ (24) දහවල් කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

යූටියුබ් නාලිකාවක් විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්, අත්අඩංගුවට ගන්නා දිනය සහ බන්ධනාගාර ගත කරන දින ගණන පවා ප්‍රකාශයට පත් කරන්නේ නම් එය යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ සිටින අයට කරන අපහාසයක් බවත් යූටියුබ් නාලිකා හරහා යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සිදු කරන්න සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් හැමෝටම නීතිය ක්‍රියාත්මක කිරීම එක හා සමානව සැලකීම ගැටලුවක් නොවුවත් දේශපාලන යූටියුබ්කරුවන් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීම නීතිගරුක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මේ අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ එකට සාකච්ඡා කරන්නේ දේශපාලන වාසි ලබා ගන්න නොවන බවත් මේ වන විට රටෙන් 50%ක් පමණ දුප්පත් වුවත් 75%ක් පමණ අස්වැසුම ඉල්ලා ඇති බවත් 2028 ණය ගෙවන්න නම් 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් එවැනි දෙයක් රටේ නොවන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටී ඇති බවත් රටේ ප්‍රශ්නවලට උත්තර නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියට යා නොහැකි බවත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව ණය ගෙවිය යුතු බවත් ඒ සඳහා අප රටට ශක්තියක් ඇත්ද කියා ප්‍රශ්න කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

මේ යන ආකාරයට 2028 වන විට තවදුරටත් නව බංකොලොත්භාවයක් නිර්මාණය විය හැකි බවට බියක් ඇති වන බවත් මේ යන ක්‍රමය සුදුසු නොවන බවත් රට ගොඩනගන ඉලක්ක කරා යා නොහැකි බවත් රජය මේ දැවෙන ප්‍රශ්නවලට විසදුම් ලබා නොදෙන බවත් විපක්ෂය පවා ඉදිරියට එන්නේ රට ගොඩනගන සංකල්ප මත බවත් රට ගොඩනගන ප්‍රතිපත්ති සමූහය මත එකට එකතු වෙනවා මිස බලය ලබා ගැනීමට හෝ තනතුරු බෙදා ගැනීමට එකට එකතු නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...

අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...