අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

Date:

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත දැනුම් දී තිබේ.

ඔවුන් කටයුතු කරන අමාත්‍යාංශවලින් ඉන්ධන දීමනාව ලබාගන්නා බැවින් පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවෙන් හිමි ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත වෙත දැනුම්දී ඇති අතර අනතුරුව සෙසු කණ්ඩායමද එම දැනුම් දීම කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...