අරගලයේ දෙවැනි රැල්ල ගැන පොලීසිය සීරුවෙන් ! බුද්ධි අංශත් කැඳවයි !

Date:

ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ඊයේ අරගල ජාතික මධ්‍යස්ථානය නමින් සංවිධානයක් පිහිටුවා ගැනිණි. රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල නමින් එහි සමාරම්භක අවස්ථාව කොළඹ වොක්ෂෝල් වීදියේ ස්ථානයකදී පැවැත්විණි.

මෙම සංවිධානය සම්බන්ධයෙන් සහ අරගලයේ දෙවැනි රැල්ල සම්බන්ධයෙන් පොලීසිය හරහා විශේෂ විමර්ශනද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ මධ්‍යම කොටඨාසයේ උසස් නිළධාරීන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙන්නේ අදාල සංවිධානයේ ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසයි. බුද්ධි නිළධාරීන් හරහා විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා තිබෙනවා.

ප්‍රබල දේශපාලනඥයෙකුගේ අනුදැනුම හා මෙහෙයවීම මත මෙම සංවිධානය ආරම්භ කර ඇති බවත්, සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරියා ලෙස කටයුතු කරන පුද්ගලයා අදාල දේශපාලනඥයාගේ සමීපතමයෙකු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් වූ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සිවිල් හා බහුජන සංවිධානවල සහායද අරගල ජාතික මධ්‍ය්සථානයට හිමිව ඇති අතර සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් ඔවුන් සාමාජික්තවය ව්‍යාප්ත කරමින් සිටින බවද දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...