තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW :

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලක් අසලකදී, පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

වෙඩිවැදීමෙන් එම දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇති බව සඳහන් වේ. T56 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙහිදී, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් මේ වනතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත. අදාළ වෙඩිතැබීම කවුරුන් විසින් කුමණ හේතුවක් මත සිදුකළේද යන්න සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...