රෝහිත රාජපක්ෂගේ හෝටලයකට ගිනිතැබූ 4 දෙනෙක් අත්අඩංගුවට !

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන හෝටලයකට ගිනිතබා විනාශ කිරීම සහ එහි දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු කොළොන්න පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කොලොන්න, ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයට ගිනිතබා තිබුණේ පසුගිය මැයි 10 වනදා ය.

අදාළ සැකකරුවන් අගෝස්තු 22 සහ 23 යන දිනවල අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 25 – 50 අතර වයස්වල පසුවන කොළොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

කොළොන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...