*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

නිවාඩු දමා රට රැකියාවලට යන රාජ්‍ය සේවකයන්ට කොන්දේසි රැසක් !

වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදෙස් රැකියා සඳහා යන රාජ්‍ය සේවකයන්ට කොන්දේසි කිහිපයකට යටත්වීමට සිදුවන බව වාර්තා වේ. අදාල‌ කොන්දේසි ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

මෙලස විදෙස්ගත වන රාජ්‍ය සේවකයන්, මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවීමේ අනිවාර්ය කොන්දේසියකට යටත් විය යුතුය. ප්‍රාථමික මට්ටමේ රාජ්‍ය නිළධාරියෙකු නම් මාසිකව ඇමරිකානු ඩොලර් 100 ක් එවිය යුතු වන අතර ද්විතියික මට්ටමේ නිළධාරියෙකු නම් එම ඩොලර් සීමාව 200 ක් වේ. තෘතීය මට්ටමේ නිළධාරියෙකු නම් ඩොලර් සීමාව 300 ක් හා ජ්‍යෙෂ්ට මට්ටමේ නිළධාරියෙකු නම් ඩොලර් සීමාව 500 ක් වේ.

ඔවුන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම ඩොලර් ප්‍රේෂණය කළ යුතුය.

විදේශ විනිමය ප්‍රේෂණ ඉහළ නංවා ගැනීමේ අරමුණින් හා රටේ මානව සම්පත ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම මගින් රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. ඒ අනුව රාජ්‍ය සේවකයන්ට වසර 05 කට උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදෙස් රැකියාවල නිරතවීමට අවස්ථාව හිමි වේ.

යම් රාජ්‍ය සේවකයෙක් විදෙස් රැකියාවක නිරතවීමේ අරමුණින් නිවාඩු ඉල්ලුම් කරන්නේ නම් අදාල ආයතනය තුළ එම සේවකයාගේ වැඩ ආවරණය කිරීම සඳහා වෙනත් සේවකයෙකු යෙදවීමේ ක්‍රමවේදයක් ඇත්නම් පමණක් ආයතන ප්‍රධානියාගේ අවසරය හිමි වනු ඇත.

විදෙස්ගත වන රාජ්‍ය සේවකයා බැංකුවලින් හෝ වෙනත් මුල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇත්නම් විදෙස්ගතව සිටින වසර 05 ක කාලය තුළ ණය මුදල්වලට අදාල වාරික පියවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නීත්‍යනුකූල ගිවිසුමකටද පැමිණිය යුතුය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan