”මමත් මනුෂ්‍යයෙක් මටත් සතුට අවශ්‍යයයි”- ෆින්ලන්ත අගමැති සනා මැරින්

Date:

2019 දී තේරී පත් වූ විට ලොව ලාබාලතම රජයේ නායිකාව වූ 36 හැවිරිදි සනා මැරින් පෞද්ගලික සාදයක් අතරතුරදී ඇය මත්පැන් පානය කර අධික ලෙස නටන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය සතියේ ලොව පුරා සිරස්තල මැවීමෙන් සමාජ ජාල තුළ වේගයෙන් සංසරණය විය. නමුත් අගමැතිතුමිය ප්‍රකාශ කර තිබුණෙ තමා කිසි විටෙක පුද්ගලිකව මත්ද්‍රව්‍ය පානය කර නොමැති බව ඇය වාර්තාකරුවන්ට පැවසූ අතර, අගමැතිවරිය සැක දුරු කර ගැනීමට මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ලක් විය. සඳුදා නිකුත් කරන ලද එම ප්‍රතිඵලය ඍණාත්මක විය.

දේශපාලකයන් වන අපටත් නිදහසේ මිතුරන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බවත් පෞද්ගලිකව තමා එය වරදක් ලෙස නොදකින බවයි ඇය සිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සම්මේලනයේ දී වාර්තා කරුවන්ට පවසා තිබුණේ. විපක්ෂයේ ජාතික සභාග පක්ෂයේ පෙටේරි ඕර්පෝ පැවසුවේ මාධ්‍ය සහ මහජන අවධානය දැන් යොමුව ඇත්තේ අගමැති කරන නොකරන දේ පිළිබඳ වන හෙයින් රටක්ල වශයෙන් අවධානය යොමු කළ යුතු බලශක්ති අර්බුදය, වේගයෙන් ඉහළ යන උද්ධමනය මෙන්ම සෞඛ්‍ය සේවයේ ගැටලු බොහෝ දෙනෙකුට මේ වන විට අමතකව ඇති බවයි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...