රෂිකා හෙන්නායක අගෝස්තු 25 , කොළඹ LNW :
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එකොළොස් දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර නිල වශයෙන් භාර දී තිබේ. මෙම පිරිසට රටවල් කිහිපයක් නියෝජනය කරමින් පැමිණි තානාපතිවරුන් හත් දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් සිව් දෙනෙකු ඇතුළත් වේ.
බ්‍රසීලය, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ බංග්ලාදේශය වැනි ප්‍රමුඛ රාජ්‍යයන් රැසක නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට සහභාගී වී ඇත. විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුව මඟින් ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අතර පවතින ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
මෙලෙස අක්තපත්‍ර භාරදුන් නිලධාරීන් අතර ඔස්ට්‍රියාව, ඝානාව, පැනමාව සහ සුඩානය වැනි විවිධ කලාපීය රටවල නියෝජිතයෝ ද වෙති.
තානාපතිවරුන් ලෙස..
• Jorge Geraldo Kadri මහතා –බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ තානාපති
• Wei Huaxiang මහතා – චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති
• ආචාර්ය Robert Zischg මහතා –ඔස්ට්‍රියා ජනරජයේ තානාපති
• Eric S. Meyer මහතා –ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති
• Francisco Manuel Comprés Hernández මහතා –ඩොමිනිකන් ජනරජයේ තානාපති
• ආචාර්ය Mohammed Abdalla Ali Eltom මහතා –සුඩාන් ජනරජයේ තානාපති
• Nubiela Yanarith Ayala මෙනවිය –පැනමා ජනරජයේ තානාපති
මහ කොමසාරිස්වරුන් ලෙස..
• D.M. Salahuddin Mahmud මහතා –බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස්
• මහාචාර්ය Kwasi Obiri-Danso මහතා –ඝානා ජනරජයේ මහකොමසාරිස්
• Siti Arnyfariza Md Jaini මිය–බෲනායි ඩාරුසලාම්හි මහකොමසාරිස්
• Dharamkumar Seeraj මහතා–ගයනා සමූපකාර ජනරජයේ මහකොමසාරිස්


