විපක්ෂයේ ඉදගෙනම අපි බිලියනයකට වැඩි අගයක් රටට එකතු කළා – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කළ බවත් සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් පාසල් පද්ධතියට අගයක් එකතු කළ බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනයකට ආසන්න බවත් ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තඹුත්තේගම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක බස් රථයක් ලබා දි පැය 48ක් යාමට පෙර කයිය නායකයෝ ටික තමාට බස් මෑන් යනුවෙන් නම් පටබැඳි බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

රට ගොඩගන්න කයිය නායකයන්ට නොව වැඩ කරන නායකයන්ට පුළුවන් බවත් කයිය නායකයෝ දන්නේ කයිවාරු ගහන්න මිස වැඩ කරන්න නොවන බවත් තමාට වැඩ කරන්න පුළුවන් හොඳම ශක්තිමත් හා බුද්ධිමත් කණ්ඩායම තමා සතුව සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකයා මේ බව කියා සිටියේ ඊයේ (25) තඹුත්තේගම නගරයේ පැවති ජන රැළිය අමතමිනි.

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ ලබා දෙන අතර ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොරත් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඒ අනුව පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබා දෙන බවත් තෙල් පොහොර ටික ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වංචාවකින් දූෂණයකින් තොරව එම යෙදවුම් ලබා දෙන බවත් ඊට අමතරව ඉන්ධන සහනයක් ද ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

ආණ්ඩුවට ගජමිතුරු කෝටිපතියන්ගේ සුපිරි සල්ලිකාරයන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් අහිංසක ගොවියාගේ ණය ද කපා හැරිය හැකි බවත් සුපිරි පොහොසතාට පමණක් නොව ගොවියාට ද රටේ සමාන තැනක් හිමිවිය යුතු බවත් අනීතිකව ගජමිතුරු සම්බන්ධතා නිසා කපා හැරි එම ණය නැවත අය කරවා ගන්නා බවත් එම ණය අය කරවාගෙන ගොවියාගේ ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් ජනතාව මුදවා ගන්නා බවද ඔහු කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...