කොළඹ LNW: ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම අද (26) සිදුකිරීමට නියමිතයි.
පෙරවරු 10.00ට ශ්රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී එම අවස්ථාව සංවිධානය කර තිබේ.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන් එම අවස්ථාවට ක්ෂේත්ර නියෝජනය කරමින් විද්වතුන්, විෂය ප්රාමාණිකයින්,සුබපතන්නන්,ජාතික ජන බලවේගයේ ක්රියාකාරිකයින් විශාල පිරිසක් එක්වීමට නියමිත බව සඳහන්.
මෙහිදී ජාතික ජන බලවේගයේ ආර්ථික ප්රතිපත්තිය දෙසට විශේෂ අවධානයක් යොමුවනු ඇති.
”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ලෙස එය ප්රතිපත්ති ප්රකාශය නම් කර ඇත.
ආශිකා බ්රාහ්මණ