ආරාධනා පත්‍රයේ නිතීයානුකූලභාවය තහවුරු වෙලත් නැහැ.රනිල්ට ඇප දෙන්න නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධය!

Date:

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබෙන අතර ඔහුට ඇප දීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළකර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා තිබේ.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

වික්‍රමසිංහ මහතා වෙත එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද ආරාධනා පත්‍රය නිල ආරාධනාවක්ද නැද්ද යන්න පිළිබඳව නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...