විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ලැබෙන ලොවෙත් නැති ගෙවීමක් ගැන හෙළිදරව්වක් !

Date:

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා ලෝකයේ කොහේවත් නොමැති ආකාරයේ අමුතුම ගෙවීමක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ප්‍රශ්නය – වැටුප් වලට ලොකු මුදලක් ඇත්තටම විදුලිබල මණ්ඩලයේ යනවාද ?

“වැටුප් වලට විතරක් නෙවෙයි. දැන් මේකෙ තියෙනවා – මට මේක ඊයෙ පෙරේදා මේ දැනගන්න ලැබුණෙ – සාමාන්‍යයෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට අර්ථසාධක අරමුදල්. EPF සහ ETF. ඒකනෙ සාමාන්‍ය ක්‍රමය. නමුත් ඔබ දන්නවාද මේකෙ ඉන්න අවුරුදු 20ක් වැඩකරන සියලුම සේවකයින්ට එයාලාගෙ පඩියෙන් තුනෙන් එකක්, එයාලා ජීවත්වෙන තාක් කල් විශ්‍රාම වැටුපක් ගෙවනවා කියලා ? කොයි රටේද EPF සහ ETF ගෙවලා මේ මහජනතාව දෙන සල්ලිවලින් පෙන්ෂන් එක්කුත් ගෙවන්නෙ ? මං හිතන්නෙ මේ මොඩ්ල් එක විශ්ව විද්‍යාලවලත් අධ්‍යනය කරන්න ඕනෙ, මොකද මේක අමුතුම මොඩ්ල් එකක්. මේක ලොකුම ලංකාවෙ තියෙන ආයතනය, මෙහෙම ගියොත් එහෙම මේක කඩාවැටිලා ලංකාවේ විදුලිය පැය 24ම නැතිවෙන තත්වයක් එයි ඉදිරියේදී”

ජනක රත්නායක මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමිනි.

කෙසේවෙතත් මේ පිළිබඳව විමසීමේදී විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ නීත්‍යානුකූල ලෙස නිසි කළමනාකාරීත්වයකින් යුතු විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...