ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !

Date:

දැනට වැඩ තහනමකට ලක්කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නැවතත් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, දැනට විශ්‍රාම වයස සම්පූර්ණ කර සිටින ඒ මහතාව නැවතත් සේවයට අන්තර්ග්‍රහණය කර විශ්‍රාම ගැන්වීමට නියමිත බව සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ බරපතළ ලෙස දේශපාලන පළිගැනීම්වලට ලක් කරන ලදුව, විශ්‍රාම වැටුප පවා අහිමි කරවන ලද ශානි අබේසේකර මහතාට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර ශානි අබේසේකර මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට එනු ඇතැයි බොහෝ පාර්ශ්ව දැඩි ලෙස බියට පත්ව සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි තැබීමකින්...