*
Friday, October 4, 2024
spot_img

Latest Posts

බස් රථ දෙකක් ගැටී අනතුරක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹ – නුවර මාර්ගයේ, දංඕවිට – කඹුරුදෙනිය ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13න් දෙනෙකු තුවාල ලබා ඇති අතර , ඉන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ, එකම දිශාවට ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි. මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මගියෙකු බැස්සවීම සඳහා නතර කළ අවස්ථාවේ දී පිටුපසින් පැමිණි බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ .

පිටුපසින් පැමිණ අනතුර සිදු කළ බස් රථය වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් වන අතර , පිටුපසින් පැමිණි බස් රථයේ රියදුරු ඇතුළු බස් රථ දෙකෙහිම මගීන් තුවාල ලැබූ පිරිස අතර වේ.

පොලිසිය සඳහන් කළේඅනතුර සිදු කළ පිටුපසින් පැමිණි වව්නියාව – කොළඹ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

අනතුරෙන් තුවාල ලැබූ මවක් ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට අයත් අතර, ඇයගේ මාස එක හමාරක පමණ කුඩා දරුවෙකු ද එම කාන්තාව සමග රෝහල්ගතව ඇති අතර කුඩා දරුවාට කිසිදු අනතුරක් සිදුව නැති බවයි වාර්තා වෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan