*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් සමග එක්වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව තිබේ.

කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයට ඊයේ (26) පස්වරුවේ පැමිණි විමලවීර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට සහතික වූයේය.

“මෙය පක්ෂය හැර යාමක් නොවෙයි. මේ මොහොතේදී අප සියලු දෙනාටම ගත යුතු සහ තීරණය කළ යුතු ක්‍රියාමාර්ගයකට අප සියලුදෙනා අවතීරණ වෙලා ඉන්නවා. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවානම් අපි ඒකට කැමතියි. හැබැයි මේ මො‍හොතේ එය එසේ සිදුවෙයි කියලා අපි කිසි කෙනෙතුට විශ්වාසයක් නැහැ. ඒ නිසා අපේ පෞද්ගලික දේශපාලන මති මතාන්තර කුමක් වුවත්, මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සහ අපි අපිම වෙනුවෙන් තීන්දුවක් ගත යුතුව තිබෙනවා, මේ රට මේ ගමන් කළ දිසාව තුළම ඉදිරියට ගෙනියන්නට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට සහය දෙන්න.

මොකද අපි දන්නවා ඉතිහාසයේ මේ රටේ ඉතාම තීරණාත්මක කාලයක් වෙලා තිබුණා, මේ රට ගලවා ගැනීමේ LTTE ග්‍රහණයෙන් ඒ මිනීමරු දුෂ්ඨ නින්දනීය ඒ ඉතිහාසය අවසන් කරන්න. ඒ උත්තුංග කාර්යභාරය ඉෂ්ඨ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා මගේ ගෞරවය සහ අපේ ගෞරවය සහ ස්තුතිය ඒ අයට මේ මොහොතේත් නිර්ලෝභීව පුදකරන්න අවශ්‍යයයි.

ඊළඟට ආපු ප්‍රශ්නය තමයි කොරෝනා ප්‍රශ්නය. ඒ වෙලාවේ මේ රටේ ජනාධිපතිධුරයේ හිටියේ ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ කටයුතු මෙහෙය වෙව්වේ ඒ කටයුතු මර්ධනය කිරීම සඳහා කමිටුවේ හිටියේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ කාර්යයත් අපි තීරණාත්මකව අවසන් කිරීමට අඩුම මරණ සංඛ්‍යාවකින් අවම හානියකින් අවසන් කිරීමට එතුමන්ලා සමත් වුණා. එහි ගෞරවත් අපි මේ මොහොතේදී එතුමන්ලට පළ කරනවා. නමුත් ඉන් පස්සේ එළඹෙන අවස්ථාවේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍යත්වය යුක්තිය නීතිය හා සාධාරණත්වය සියල්ල වැළලී යන අන්තිම මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් පහනේ දැල්ල නිවී යන්න ඔන්න මෙන්න කියා තිබියදී ඒ ප්‍රජාතන්ත්‍රවාදයත් රටත් රටේ ආර්ථිකයත් මනුෂ්‍යත්වයත් නීතියත් ආරක්ෂා කර ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

ජීවිත කාලෙම එතුමාත් එක්ක දේශපාලන සටනක හිටපු අපි එදා 2022 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේරටේ ජනාධිපතිධූරයට පත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම දායක වෙලා තිබෙනවා. අද පොහොට්ටුවේ ඉන්න සියලු මන්ත්‍රීවරු එදා එතුමාට ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ. මම මේ මොහොතේත් කියන්න ඕන අවංකවම එතැන සාපෙක්ෂව ගත්තොත් මට ඉතාම හිත මිත්‍ර ඉතාම සමීප උතුම් මිනිස් ගති ගුණ තිබුණු පුද්ගලයෙක් හැටියට එදා අපි ඩලස් අලහප්පෙරුම මැතිතුමාට අපේ ඡන්දය භාවිතා කළේ නැහැ.

අදත් මම එතුමාට ගෞරව කරනවා, එතුමා හොඳ මනුස්සයෙක්. ඒකට හේතුව වුණේ ඒ බිහිසුණු අවසථාවේදී ඒ තිරණාත්මක අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදයේ පහන් දැල්ල අවසන් පහන් දැල්ල නිමෙන්නට යන මොහොතේදී එහි වගකීම ගත හැකිව තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි. එතුමා එදා ජනාධිපති නොවන්නට ඊළඟ පැය 24 ඇතුළත ශ්‍රී ලංකාවේ උත්තරීතව සභාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ගිනි තබා විනාශ කොට ශ්‍රී ලංකාව අද බංගලාදේශය මුහුණ දී තිබෙන සියලු විපත්වලට මුහුණ දෙන්න නියමිතව තිබුණා. නමුත් එතුමා පැය 24 ක් ඇතුළත මේ සියල්ල පාලනය කරලා පාර්ලිමේන්තුව බේරගෙන ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියත්, යුක්තියත් බේරාගනු ලැබුවා.
එසේ නොවුණා නම් එදා අපිට මතකයි අපි සියලුදෙනාට මතකයි ඊළඟ දවසේ ඊළඟ පැය 24 ඇතුළත පාර්ලිමේන්තුවේ කැන්ටින් එකෙන් ඊළඟ දවසේ දවල්ට බත් කන්න හිටියේ පාර්ලිමේන්තුව ගිනි තියලා. එහෙම වුණානම් අද බංගලිදේශයට පෙර ශ්‍රී ලංකාව මිලේච්චත්වයේ වනාන්තර බවට පත්වීමට නියමිතව තිබුණා. එහෙම වුණානම් කුමක්ද සිදවන්නේ? අධිකරණය විසුරුවා හරිනවා, පොලිසිය නිරායුධ කරනවා, නීතිය සහ යුක්තිය විනාශ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තියනවා. එහෙම වුණානම් අපිට කුමක් සිදුවෙයිද? ඒ බිහිසුණුම තීරණාත්මක පැයේදී මේ රට එදා රාජපක්ෂවරු සිදුකළ කාර්යයයේ අවසන් තීරණාත්මක මොහොතේදී මේ රට ගලවා ගත්තේ රනිල් වික්‍රමසිංහයි. අපි රාජපක්ෂලට දෙන ගෞරවයම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් දිය යුතුව තිබෙනවා.

එතුමා එදා ජනාධිපති නොවුනා නම් විමලවීර දිසානායක කෙනෙක් මේ ඉන්න කවුරුවත් ඉතිරි වෙන්නේ නැහැ. ගෙවල් ගිනි ගත්තා මම හිටියේ අනුන්ගේ ගෙදරක. ඒ ගේ ගහලා කුඩු කළා. කාටවත් වරදක් නොකරපු මාව මරන්න එව්වා. ඒ වෙලාවේ මම හිටියේ වකුගඩු බද්ද කරලා ඇඳක් උඩ මාව මරන්න හොයනවා ඒ තිර්සතීන දුෂ්ඨත්වය පරාජය කොට අපි සියලුදෙනාගේ ජීවිත බේරාදුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ කාර්යයම ඒ විදිහටම දෙවැනි අරගලය විදිහට, මට ඒ විදිහට කියන්න පුලුවන්. මොකද එතුමා එදා මේ රට ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ නැතිනම්, එතුමාගේ ගේ ගිනි ගනිද්දී අපි සියලදෙනාව බේරා ගත්තේ එතුමා.

ඒ නිසා අපි එතුමාට ගෞරව කරන්න ඕන මේ මොහොතේදී, ඒ ආර්ථික නරාවලෙන් තෙල් පෝලිම, ගෑස් පෝලිමථ අම්මට සනීප නැහැ, බෙහෙත් ටික ගන්න යන්න ත්‍රීවිල් එකෙ පෙට්ට්‍රල් ටික නැහැ, බෙහෙත් නැහැ, කන්න නැහැ, හැම මිනිහම පාරේ හැමෝම අරගලයක, පෙට්ට්‍රල් ගන්න ගිහින් ගහ ගන්නවා. මරා ගන්නවා, බඩු නැහැ, රටත් නැහැ. ඒ බිහිසුණුම අවස්ථාවේ මේ රට බාරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

අද බොහෝ දෙනා බොහෝ දේවල් කිව්වත් තාමත් මේ දකුණු ආසියාවේ ඉහළම ජීවන මට්ටම බංකොලොත් කියන ශ්‍රී ලංකාවේ තියනවා කියන එක ඔය බොරු පුච්චානම්, දෙශපාලන සාහිත්‍යෙය් පැණි කතා තිබුණාට ඇත්ත කතාව ඒක. ඊයෙත් මම අහගෙන එක ජනාධිපති අපෙක්ෂකයෙක් කියනවා රටේ සෞඛ්‍ය පිරිහීම හැබැයි මේ රටේ වෛද්‍යවරු දන්නවා සෞඛ්‍ය සේවයේ ඉන්න අය දන්නවා අවංකවම දන්නවා මේ රට දකුණු ආසියාවේ ඉහළම සෞඛ්‍ය පහසුකම් තියන රට කියලා. ලෝකයේ අඩුම උපත් මරණ සංඛ්‍යාව සිදුවන්නේ ස්විට්සර්ලන්තයේ 1000 කට හතරයි, අල්ලපු ඉන්දියාවෙත් 1000 ට 46 යි. නමුත් මේ ලංකාවේ මරණ අනුපාතය 1000 කට 8 දෙනයි. බංගලාදේශයේ තත්ත්වය කියන්න දෙයක් නැහැ. ඒ පාරෙමයි, භූතානය, එහෙමත් නැතිනම් පාකිස්ථානය. සෞඛ්‍ය තත්ත්වය මීටත් වඩා පල්ලෙහයින් තිබෙන්නේ.

එතකොට සෞඛ්‍ය හදන හැටි දැන් ජනාධිපති අපෙක්ෂකයෝ කියලා දෙනවා. මෙ සෞඛ්‍ය පහසුකම එසේ තිබියදී සහ අවුරුදු 76 ක විනාශයක් ගැන කතා කළත් මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 80 කට ආසන්නයි. එදා 2005 දී මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 24 යි. මේ ආර්ථික අර්බුධය මැද්දෙත් අද 80 ඉක්මවලා තිබෙනවා. අපනයන ආදායම වැඩියි රටේ දළ ජාතික නිෂ්පාදන වේගය වැඩි වෙමින් තිබෙනවා. වැව් ඔක්කොම පිරිලා තිබෙන්නේ ජල විදුලිය, කෘෂි කර්මාන්තය මේ සියල් සම්පූර්ණ වෙලා තිබෙන්නේ. ආර්ථික වර්ධනය ඝෘණ තිබුණු එක දැන ධන බවට පත්වෙලයි තිබෙන්නේ.

විදේශීය සංචාරකයෝ මිලියන ගණන් ලංකාව කරා ඇදී එමින් තිබෙනවා. ලෝකයේ සංචාරකයින්ගේ ගමනාන්තවලින් ලෝකයේ හොඳම රටවල් පහ අතරින් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා තිබෙනවා. එතැනට මේ රට ගොඩනැගිලා තිබෙන්නේ මේ පීල්ල වෙනස් කළොත් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දර්ශනයයි, දේශපාලන දර්ශනයයි වෙනස් කළොත් මේ ශ්‍රී ලංකාව නැමැති ජාතියේ දුම්රිය පෙරළෙනවා. පීලි පනිනවා. ඒ නිසා ඒ විනාශයට ඉඩ දෙන්න අපිට පුලුවන් කමක් නැහැ. මම නොවේ අපි, අපිත් නොවේ රට, රටත් නොවේ ජනතාව මේ සියලුදෙනා මේ මොහොතේදී ආරක්ෂා කළ හැක්කේත් ගොඩ දැමිය හැක්කේත් මේ න්‍යයා මේ ක්‍රමය තුළ තමයි. IMF එකේ උදව් ඔක්කොම ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව එහෙම නැතිනම් ආසියානු සවර්ධන බැංකුව ලෝකයේ ආර්ථික සහ ජාතික සංවිධාන විදේශ රටවල් ජාත්‍යනතරයේ ශ්‍රී ලංකාවේ පිළිගන්නා ඉහළම නායකයා රනිල් වික්‍රමසිංහයි.

දකුණු ආසියාව දිහා බැලුවත් සමස්ථ ආසියාව දිහා බැලුවත් ජ්‍යෙෂ්ඨතම, පරිණතම නායකයා රනිල් වික්‍රමසිංහයි. එතුමා තනියෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. හැබැයි මේකත් ඇති. ඒ නිසා සියල්ලට පෙර රට සහ ජනතාව ඒ නිසා අපි පක්ෂය නෙමෙයි අපේ පෞද්ගලික න්‍යාය පත්‍ර නොවෙයි, මේ මොහොතේදී කළ හැකි අන් කිසිවක් නැහැ. රට ගලවා ගත හැක්කේ රනිල්ට නම් අපිට දේශපාලන මති මතාන්තර නෙමෙයි, අතීත මිනී වළවල් නෙමෙයි, අතීත නරාවලවල් හාරමින් ඉන්නේ නැතිව මේ මොහොතේ වැල් පාලමින් රට එතෙර කළ හැක්කේ රනිල්ට නම් අපි පෙනි සිටිය යුත්තේ රනිල් වික්‍රමසිංහ සමග පමණයි.

ඒ නිසා නාමල් රාජපක්ෂ මැතිතුමාට තව අවුරුදු 10 කින් හරි ජනාධිපති වෙන්න පුලුවන්. හැබැයි රනිල් මේ වෙලාවේ ජනාධිපති වුණේ නැතිනම් පීලි පැන්නා රට ඉවරයි, බංගලිදේශයේ වගේ ලේ වැගිරෙන පාරේ නඩු අහලා මිනිස්සු එල්ලන හින්දු කෝවිලට බෞද්ධ මධ්‍යස්ථානයට ගහන එහෙම නැතිනම් අධිකරණය විසුරුවා හරින ආණ්ඩුක්‍රම වයවස්ථාව ගිනි තියන ලේ වැගිරුණු බංගලාදේශයක් එහෙම නැතිනම් ලිබියාවක් ලෝකයේ විනාශ වුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එකතු වෙයි සහ මගේ මිණිබිරිය වෙනුවෙන් මගේ දරුවා වෙනුවෙන් මේ තීන්දුව අපි ගත යුතුව තිබෙනවා.

ඒ නිසා මේ මොහොත් ගත්ත තීන්දුව ඒකයි. එහෙම නැතිනම් අපි දේශපාලන පක්ෂයක් විදිහට නෙමෙයි අපි මේ එකත වෙන්නේ. පක්ෂෙකට නෙමෙයි අපි එකතු වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මේ නායකත්වය නොතිබුණොත් රට කඩා වැටෙන නිසා. ඒ නිසා දේශපාලන පැණි කතා, සාහිත්‍ය කතා ඕන තරම් අපිට වේදිකාවේ අහන්න පුලුවන්. හැබැයි ප්‍රායෝගික මේ මහපොළොවේ යථාරත්ව තේරුම් ගත් මිනිසා රනිල් වික්‍රමසිංහයි.”

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන හිටපු නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan