“දිනන සජිත්” – සමගි ජන සන්ධානයෙන් අදත් විජයග්‍රාහී ජන රැලි තුනක්

0
889

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන ප්‍රචාරක ජන රැලි මාලාවේ තවත් ප්‍රධාන ජන රැලි තුනක් අද (27) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, තිරුක්කෝවිල්, පොතුවිල් සහ අඩ්ඩාලච්චේන යන ප්‍රදේශවල ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලි සඳහා සමගි ජන සන්ධානයේ දේශපාලන පක්ෂ රැසක නායකයින්, මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් සම්බන්ධ වීමට නියමිත ය.