සජිත්ගේ නිවට බියගුළු කතාවට මට ලැජ්ජා හිතුණා – සරත් ෆොන්සේකා

Date:

කොළඹ LNW:මේ රටට නායකත්වය දීමට තරම් කශේරුකාවක්, පෞර්ෂත්වයක් සජිත් ප්‍රේමදාසට නොමැති බව සමඟි ජන බලවේගයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ නාවලපිටිය නගරයේදී පැවති රැස්වීමක් අමතමිනි.

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයකින් මේ රටට සෙතක් නොවන බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

”මම සමඟි ජන බලවේගයේ තනතුරුවලින් ඉවත් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි සජිත් ප්‍රේමදාසගේ කල්ක්‍රියාව. හැමෝම මට කියනවා අපරාදේ අයින් වුණේ හිටියනම් සජිත් දිනුවම අගමැති වෙන්න තිබ්බනේ කියල. නමුත් මගේ හෘද සාක්ෂිය මට මේ වෙලාවේ කියන්නේ සජිත් දිනලා මේ රටට යහපතක් වෙන්නේ නැහැ කියල. මට බැහැ නිවට බියගුළු මිනිස්සු යටතේ වැඩකරන්න. ඒ වෙලාවේ රටේ අර්බුදයක් තිබ්බා. ජනතාව විශාල දුෂ්කරතාවකට පත්වුණා. මම ඇතුළු මන්ත්‍රීවරු 20ක් 25ක් සජිත්ට කිව්වා අපි ආණ්ඩුව භාරගමු. ජනතාව වෙනුවෙන් අපි මේ වැඩේ කරමු කියල. සජිත් කිව්වා බහුතරයක් නැතුව මට නම් බෑ අම්මෝ කියල කිව්වේ. මම ඇහුවා මේ වෙලාවේ අපි රට භාරගන්නේ නැත්නම් අපි බලාගෙන ඉන්නේ හොඳ ලස්සනට රට හදල ඔබතුමාට ගෙනල්ලා ආණ්ඩුව බාරදෙයි කියලද? එතකොට සජිත් කිව්වා මේකට අතගහන එක අවදානම් කියල. අපි ඕනනම් ඒගොල්ලන්ට අන්තර් පාලනයක් හදන්න කියල අපි ඒකට ජැක් එකක් ගහමු කිව්වා. ඒ නිවට බියගුළු කතාවට මට ලලැජ්ජා හිතුනා පක්ෂයේ දෙවෙනියා හැටියට. දැන් මම තරයේ විශ්වාස කරනවා සජිත්ට මේ රටට නායකත්වය දෙන්න අවශ්‍ය කශේරුකාව ඒ පෞර්ෂත්වයක් නෑ.” යනුවෙන් ෆොන්සේකා මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...

ජනාධිපති ට්‍රම්ප් ලෝක අධිරාජ්‍යයා නොවේ! ඔහු සමඟ “කිසිදු සම්බන්ධතාවයක්” නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීල...