ගම්මන්පිලට එරෙහිව CID පරීක්ෂණයක්!

Date:

කොළඹ LNW:ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

පසුගිය 05 වනදා පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කළ ප්‍රකාශයක් අරඹයා එම විමර්ශනය සිදුකෙරෙන බව සඳහන්.

පසුගිය 12 වැනි දින ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.

පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදාපතිවරු ඇතුළු නාවික හමුදා නිළධාරීන්ට අදාලව සිදුවන විමර්ශනවලට, ගම්මන්පිල මහතා ජාතිවාදය අවුස්සීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දෙන ලද නියෝගයක් මත සිදුව තිබියදී ගම්මන්පිළ මහතා එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන්ද ජනතාව නොමඟ යවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...