සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 27:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවෙන් ආනයනය කරන ආනයන සඳහා 50% ක තීරුබදු ඉහල නැංවීමත් සමඟ ඇතිවූ ආර්ථික පීඩනය මාධ්‍යයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී මෙම සතිය තුලදී චීනයේ සංචාරයක නිරත වීමට සුදනම්බව වාර්තා වේ.
වසර පහකට පෙර හිමාල කඳුවැටියේ ඇති වූ මාරාන්තික ගැටුමකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පළමු නිල සංචාරය මෙය වන අතර චීන නායක ෂී ජින් පිං විසින් පවත්වනු ලබන සමුළුවකට සහභාගී වීමට අග්‍රාමාත්‍ය මොදී ආරාධනා ලැබ චීනයට යනු ඇත.
පසුගිය සතියේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ අගමැති මෝදි අතර පසුගිය සතියේ නවදිල්ලියේදී පැවති හමුවකින් පසුව, දෙපාර්ශ්වයම ඔවුන්ගේ පළුදු වූ සම්බන්ධතාවයන් හඳුනාගෙන ඇති අතර , ඉන්දියාව තම විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කර චීනය සමඟ සබඳතා වැඩිදියුණු කළ යුතු බවට තීරණය කර ඇත.
පසුගිය වසරේ චීනය, එක්සත් ජනපදයෙන් පසු ඉන්දියාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවා වූ අතර, ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 118 දක්වා සිදුව ඇති අතර ඉන්දියාව හා චීනය හිමාලයානු දේශසීමාවේ තවමත් යොදවා ඇති දස දහස් සංඛ්‍යාත හමුදා භටයින් නිසා තත්වය තරමක් සංකීර්ණ වනු ඇති මුත්, මුල් බැසගත් එදිරිවාදිකම්වලට වඩා ආර්ථික ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දිය හැකිය.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ, ඉන්දියාව අහිමි වීම එක්සත් ජනපදයට නරකම ප්‍රතිඵලයක් වනු ඇති බවයි.