ආනයන සීමා පැනවීම ගැන මහබැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

Date:

මේ මොහොතේ රටේ පවතින විදේශ විනිමය හිඟය අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය තාවකාලිකව තහනම් කිරීම අත්‍යාවශ්‍ය පියවරක් බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“මේ වගේ වෙලාවක අපි රටක් වශයෙන් තීරණය කරන්න ඕනෙ ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය අපි පාවිච්චි කරන්නෙ තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගේනවද, එහෙම නැත්නම් ටෙලිෆෝන්, මෝටර් රථ, ශීතකරණ, රූපවාහිනී ගන්නවද කියලා. ඒ වගේ දේවල් කල්දාන්න පුළුවන්. ඒ මුදල ඒ වෙනුවට ජනතාවට අත්‍යාවශ්‍ය දේවල් ගන්න ලැබෙනවා නම් ජනතාවට ඒක විශාල පහසුවක් විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක. ඒක තමයි එක හේතුවක් පහුගිය කාලේ මුදල් අමාත්‍යාංශය මගින් මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ යම්කිසි ආකාරයක තහනමකට ලක්කරලා තියෙනවා. ඇත්තටම මේවා තාවකාලිකව කරන දේවල්. ඒක නිසා යම්කිසි ව්‍යාපාරවලට යම්කිසි බලපෑම් සිද්ධ වෙනවා, ඒක ඇත්තටම නොදැන නෙවෙයි ඒක කරලා තියෙන්නෙ. නමුත් මේ වෙලාවේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ ප්‍රයෝජනවත් විදියට භාවිතා කිරීම තමයි වැදගත්. ඒ තත්වය සමනය වුණාට පස්සෙ ක්‍රමානුකූලව මේ සීමා ඉවත් කරන්න පුළුවන්”

නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...