නෝ කමෙන්ට්ස් මල්ලි !!

ප්‍රෙස් එකේදි රන්ජන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

“මේ වෙද්දි විශාල පිරිසක් භාෂණයේ නිදහසට සම්බන්ධව අත් අඩංගුවට අරගෙන සහ රඳවාගෙන තබා ගැනීම සිද්ධවෙනවා. සමහර අයව අධිකරණයට ඉදිරිපත් නොකර පවා තබාගෙන ඉන්නවා. මේ තත්ත්වය යටතෙ (ඔබතුමාට අදාල නොවුණත්) මර්දනයක් ක්‍රියාත්මක වන බව දකිනවද, ඒක ගැන මොනවද කියන්න පුළුවන්. “

රන්ජන්ගෙ උත්තරේ..

“මුලින්ම මල්ලි ඔයා ප්‍රශ්නෙ අහද්දි මට හරි උත්තරේ ඔලුවට එනවා. එතකොට මට ආයෙ දඬුවම මතක් වෙනවා. ඊලඟට මම ඒක පොඩ්ඩක් හීලෑ කරල දෙවෙනි උත්තරේ හදාගන්නවා. දෙවෙනි උත්තරේ බොරුවක් මල්ලි. තුන්වෙනියට අර අයිස්ක්‍රීම් විකුණන මනුස්සයෙක් වගේ ශේප් කරල මම බොරුවක් කියනවා. ඒක ඊටත් වඩා බොරුවක් මල්ලි…… නෝ කමෙන්ට්ස් මල්ලි!!”

සමහර ඇත්තවල් තියනවා ඒක මූණටම කියල දානවට වඩා දැනෙනවා කියන්න පුලුවන් කම තියෙද්දිත් නොකියා ඉන්න බව අඟවන එකෙන්. රන්ජන් එයාට කියන්න පුළුවන් ඇත්ත මේ වෙද්දි කියල ඉවරයි. ඒ ඇත්තෙ ඩීටේල් ටික හොයන එක බාර වෙන්නෙ අපිට. රන්ජන්ට තියෙන්නෙ එයා ඇත්ත කියල ඉවර බව අපිට මතක් කරන්න විතරයි.

කරනවා නම් ලංකාවෙ තව කාලයකට ඊලඟ ස්ලෝගන් එක

“නෝ කමෙන්ට්ස් මල්ලි !!”

~ හසින්ද උදලාගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...

ඊශ්‍රායල මැතිවරණය: අරාබි ඡන්ද ප්‍රතික්ෂේප කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඡන්ද බලයෙන් ආසන...