*
Friday, October 4, 2024
spot_img

Latest Posts

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට අදාළව ඕනෑම දෙයකට කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා – විපක්ෂ නායක (VIDEO)

මත්ද්‍රව්‍ය උවදුර වළක්වාලීම ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් රැස් වෙනවා නම් එය ඉහළින්ම තිබිය යුතු ප්‍රමුඛතාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

30 වසරක ත්‍රස්තවාදය අවසන් කළ රටක් ලෙස මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම නැමැති ත්‍රස්තවාදයට ගොදුරු වි ඇති බවත් එය පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය පවා ආක්‍රමණය වී ඇති බවත් එබැවින් මත්ද්‍රව්‍ය ජාවාම විනාශ කිරීම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළට ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සෑම අවස්ථාවකම සාකච්ඡා විය යුතු බවත් මේ සම්බන්ධයෙන් සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් විපක්ෂයක් ලෙස කොන්දේසි විරහිතව සහාය ඵල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය උවදුර දිවයිනෙන් කඩිනමින් තුරන් කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රියාවලිය සඳහා වන නිගමන සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ තේරීම් කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ නිවැරදි දත්ත තිබෙනවාද කියා ගැටලුවක් ඇති බවත් එසේම සංචාරක කර්මාන්තය දියුණු කිරීම යැයි සලකා බියර් පර්මිට් ලබා දුන්නත් දුම්වැටි මත්පැන් හා මධ්‍යසාර බලපත්‍ර ලබා දීම පවා අවම විය යුතු බවත් යම් හෙයකින් එවැනි බලපත්‍ර ලබා දෙන්නේ නම් ඒ තුළින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන සංස්කෘතියක් බිහි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තව ද බන්ධනාගාරවල තාප්පවලින් මත්ද්‍රව්‍ය පවා විසි කරන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් තිස් වසරක ත්‍රස්තවාදය විනාශ කළ රටේ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අපොහොසත් වී තිබිම පුදුමයට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සඳහා තද නීති රාමුවක් අවශ්‍ය බවත් ය. එසේම නිර්දේශපාලනයෙන් යුත් ශක්තිමත් මත්ද්‍රව්‍ය නාශක බලකායක් රටට අවශ්‍ය බවත් එය කුමන රජයක් යටතේ වුවත් එකම අරමුණින් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ නොහැකි තදබල නීතියක් බවට පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

එසේ ම මේ කාර්යයේ නිරත පුද්ගලයන්ට හොඳ වේතනයක් ලැබිය යුතු බවත් එවැනි නිලධාරීන්ව අගය කළ යුතු බවත් ලෝකයේ මෙවැනි දේවල් සම්බන්ධයෙන් හොඳ ආකෘති පවතින බැවින් ඒවා අධ්‍යයනය කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බව යි.

යුධ ජයග්‍රහණයට යම් සාර්ථක ක්‍රමවේදයක් යොදා ගත්තා සේ මේ සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් වැනි සාර්ථක ක්‍රමවේදයක් යොදාගෙන මෙයට සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධ කොට සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් මත්කුඩා විනාශ කිරීම ද යුද්ධයක් බැවින් එය පාසල් පද්ධතිය තවදුරටත් ආක්‍රමණය කිරිමට ඉඩ නොදී විනාශ කළ යුතු බවත් ඒ සඳහා ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් වුවද ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙහි දී පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan