රාජ්‍ය ඇමතිවරුන් 22ක් ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානමින් ?

Date:

කැබිනට් ඇමතිවරුන් තමන්ගේ අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරලා නැති නිසා ආණ්ඩුව ඇතුළේ යම් යම් ප්‍රශ්න මතුවෙමින් තිබෙන බව රහසක් නෙවෙයි. පසුගිය දිනවල සමහර රාජ්‍ය ඇමතිවරුන් ප්‍රසිද්ධියේමත් මේ ගැන කතා කරලා තිබුණා.

ඔය තත්වය නිසා තමන්ට විෂයයන් ගැසට්ටුවකින්ම වෙන්කරලා දෙන්න කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන්න රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් තීරණය කරලා ලු.

පසුගිය දවසක රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාලයකට රැස්වෙලා සාකච්ඡා කරපු රාජ්‍ය ඇමතිවරුන් 22 දෙනෙක් විතර මේ තීරණය අරන් කියලා ආරංචියි.

ජනාධිපතිවරයා යටතේ පවතින රාජ්‍ය අමාත්‍යාංශවල වගකීම් තමන්ට පවරලා තියෙන නිසා ඒ විෂයයන් ගැසට් කරන්න අවශ්‍ය නෑ කියලා එතැනදී ජනාධිපතිවරයා යටතේ ඉන්න රාජ්‍ය ඇමතිවරුන් කියලා තියෙනවා කියලාත් ආරංචියි.

කොහොම වුණත් අනිත් රාජ්‍ය ඇමතිවරුන් තමන්ට විෂය පථයන් වෙන්කර ගැසට් කරන්න කියලාත්, වෙනම අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන්න කියලාත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න සූදානමින් ලු ඉන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...