*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත්ට දී රනිල් අගමැති කරන්න මන්ත්‍රී පිරිසකගෙන් යෝජනා ?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): රනිල් සජිත් එක්විය යුතු බවට රෝහිනී කවිරත්න සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් පසුව මේ පාර්ශව දෙකේම පිරිස් දෙපාර්ශවය එක් කිරීම සඳහා විවිධාකාරවලින් සාකච්ඡා පවත්වමින් සිටිති.

මේ පාර්ශව දෙක එක කිරීම සඳහා මෙතෙක් වැඩි හඬක් නැගුනේ එජාප පාර්ශවයෙනි. සජබ පාර්ශවයේ කීප දෙනෙකු හැර බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටියේ අප්‍රසිද්ධියේය.සජිත් ඊට විරෝධය දැක්වීම ඊට හේතුව විය. එහෙත් මේ වන විට මන්ත්‍රීවරු එළිපිටම ඊට පක්ෂව අදහස් දැක්වීම ආරම්භ කර තිබේ.
එහෙත් දෙපාර්ශවයේම සිටින දැඩි සජිත් විරෝධීන් හා රනිල් විරෝධීන් මේ එක්වීමට බියෙන් පසුවෙති. එම නිසා මේ පාර්ශව දෙක එක් වන්නේ නම් එම පිරිසට හානියක් නොවන පරිදි තීරණ ගත යුතුව තිබේ. මේ අතර මේ පක්ෂ දෙක අතර බෙදී ගොස් සිටින සම්ප්‍රදායික එජාප ආධාරකරුවන් පක්ෂ දෙක එක්වීම සම්බන්ධයෙන් දැඩි සතුටට පත්ව සිටිති.

එජාප නායකත්ව මණ්ඩලය – පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය දෙපැත්ත එක්කරන්නලු

එසේම රනිල් නායකත්ව මණ්ඩලයක් පත් කරන්නට යන්නේත් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්නට යන්නෙත් නිකම්ම නොවේ. දැන ගන්නට ඇති ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති වරයෙක් පත් වූවහොත් පක්ෂ නායකත්වය ඔහුට ලැබෙන වගන්තිය මෙවර වෙනස් කෙරෙන බව සඳහන්ය.එසේම මෙවර පක්ෂ සම්මේලනයේදී ප්‍රධාන තනතුරු වලින් කීපයක් හිස්ව තබා ගෙන ඉදිරි එක්වීමකදී එම තනතුරු වලට එසේ එක්වන පිරිස් පත් කිරීමේ තීරණයක් ගැනද දැන ගන්නට ඇත. 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉඩම් හා පොලිස් බලතල ප්‍රශ්නය , අධික ජීවන වියදම ,විදුලි ගාස්තු හා ජල ගාස්තු ඉහළයාම , අස්වැසුම වැඩපිලිවෙල නිසා ඇතිවූ ප්‍රශ්න කුරුන්දි විහාරයේ ප්‍රශ්නය ආදී කාරණා නිසා රනිල්ගේ ජනප්‍රියතාවය සම්බන්ධයෙන් ගැටළු ඇතිවී තිබෙන බවද මෙම සාකච්ඡා වලදී සජබ පාර්ශවයෙන් පෙන්වාදී තිබේ.

එජාප පාර්ශවයෙන් දිගින් දිගටම යෝජනා කලේ මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් ජනපති කර සජිත් අගමැති කරන යෝජනාවකි. එහෙත් සමගි ජන බලවේගයේ ඇතැම් පාර්ශව මේ සාකච්ඡාවලදී පවසා ඇත්තේ සජිත් ජනාධිපති කර රනිල් අගමැති කරන යෝජනාවකි. ඔවුන් ඊට හේතු ලෙස පවසා ඇත්තේ ගම්බද සහ දුප්පත් ජනතාව මේ වන විට විශාල වශයෙන් සජිත්ට ආකර්ෂණය වී තිබීම , රනිල්ට වඩා පහසුවෙන් සජිත් මාකට් කල හැකි වීම වැනි කාරණා ය.එමෙන්ම සජිත් වෙනුවට රනිල් අපේක්ෂකයා වුවහොත් ග්‍රාමීය හා දිළිඳු ජනතාව ජාතික ජන බලවේගයට එනම් අනුර කුමාර දිසානායක වෙත ආකර්ෂණය වනු ඇතැයිද එම තත්වය වඩා භයානක වනු ඇතැයිද සජබ පාර්ශවයෙන් ප්‍රකාශ වී තිබේ.

මේ සාකච්ඡා සඳහා අදාල කණ්ඩායම් වෙත සජබ හෝ එජාප නිල අනුමැතියක් හිමිව නැතත් සියලු පාර්ශව වල අභිප්‍රාය වී ඇත්තේ ශක්තිමත් එජාප ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් සහිත නව ආණ්ඩුවකි.

පාවෙන ඡන්ද වල වෙනස්වීම

සාමාන්‍යයෙන් මෑතක් වනතුරුම මෙරට ඡන්ද දායකයන්ගෙන් සියයට විස්සක් පමණ වූ පාවෙන ඡන්ද ප්‍රතිශතය මේ වන විට සියයට හතළිහක් හෝ පනහක් හෝ දක්වාම ඉහල නැග තිබේ. තරුණ පරපුරට සම්ප්‍රදායික දේශපාලනය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැත. පක්ෂ දේශපාලනයට වඩා ඉදිරිපත් කරන වැඩපිලිවෙල හෝ ඒවායේ ප්‍රයෝගිකත්වය දුෂණ චෝදනා නොමැතිවීම අපේක්ෂකයන්ගේ වයස වැනි කාරණා ඉදිරි ජනාධිපතිවරණයකදී ප්‍රධාන කාරණා වනු ඇත. යම් ලෙසකින් ප්‍රධාන පාර්ශව තුනක් අතරේ ජනාධිපතිවරණය පැවතිය හොත් කිසිදු පාර්ශවයකට සියයට පනහේ සීමාව පසුකිරීම පහසු නැත. කිසිදු අපේක්ෂකයෙක් සියයට පනහක ප්‍රතිශතයක් ලබා නොගතහොත් දෙවන මනාපය ගනින් නට සිදුවේ. එසේ වුවද ශ්‍රීලංකාවේ බොහෝ ඡන්ද දායකයන් දෙවන මනාපයක් භාවිත කරන්නේ නැත.

පන්සල වල විදුලිය විසන්ධි කරලා – බොහෝ විහාරවලට ආදායම් නැහැ ….

රට පුරා ඇතැම් ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන වල විදුලිය විසන්ධි කිරීම නිසා ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. මේ සතියේ දිඹුලාගල අරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරුණු අතර 1954 වසරේ සිට මේ දක්වා පැවති රජයන්වල අනුග්‍රහයෙන් මේ දක්වා විදුලිය ලබාදී තිබිණි. වන මැද තිබෙන එවැනි පූජනීය ස්ථානවල විදුලිය විසන්ධි කිරීම භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්වයකි.

අනෙක් අතට බෞද්ධ විහාරස්ථාන සමග ගැටුණු කිසිදු රජයකට පැවැත්ම සීමා සහිත වීම එදා මෙදා තුර දැක ගත හැකි වූ සත්‍යයකි. ඉතාම අසාධාරණ ලෙස විදුලිය හා ජල ගාස්තු වැඩි කල රජය මේ ආකාරයට පන්සල් වලට ඇත තබන්නට යාම බරපතල ගැටලුවකි. අනෙක් අතට බෞද්ධ විහාරස්ථාන බොහොමයකට ආධාර මුදල් ලැබෙන්නේද නැත. දායකයන්ගෙන් මාස්පතා මුදලක් හෝ කරනු ලබන සේවාවන්ට මුදලක් අය කෙරෙන්නේද නැත.අනෙක් අතට රටේ ආර්ථික තත්වය මත සාමාන්‍ය ජනතාවටද පන්සලේ විදුලි බිලට දායක විය නොහැක. එම නිසා මේ ප්‍රශ්නය වහාම විසඳිය යුතුව තිබේ. ශ්‍රීලංකේය ජනසමාජය සංස්කෘතිකමය වශයෙන් ජීවිතයේ ප්‍රධාන කාරණා සියල්ලටම පන්සල බැඳී පවතී. අනෙක් අතට අරගලය පැවති සමයේ මෙරට සාමාන්‍ය ජනතාව හිතන පතන ආකාරයේ යම් වෙනක් තිවුවද රට යලිත් සාමාන්‍ය තත්වයට පත්වෙමින් පැවතීම නිසා ජනතාව යලිත් සාමාන්‍ය සම්ප්‍රදායික ආකාරයට සිතුම් පැතුම් ඇතිකරගෙන සිටින බව නොරහසකි. එම නිසා රනිල් වික්‍රමසිංහ වෙත සැම කලකම ප්‍රතිවාදීන්ගෙන් එල්ලවූ චෝදනා මේ පන්සල් ප්‍රශ්නය නිසා යලිත් එල්ලවීම වැළක්විය නොහැක.

ඇමති දුෂණ හමුවේ ආණ්ඩුව නිහඬ පිළිවෙතක ……..

රටේ සාමාන්‍ය ජනතාව ආර්ථික වශයෙන් බරපතල අපහසුතාවන්ට පත්ව සිටියදීත් ඇතැම් මැති ඇමතිවරුන් හා ඉහල නිලධාරීන්ගේ දුෂණ වංචා වල අඩුවක් පෙනෙන්නට නැත. චැනල් අයි ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවක් ආණ්ඩුව පාර්ශවයෙන් නොපෙනේ. තමන් යටතේ ඇති ආයතන වල පාඩු පියවන්නට හෝ විදුලි බිල් ගෙවන්නට හිතුමතයට රාජ්‍යදෙපල එනම් පොදු දේපල බදු දෙන්නටත් එවන් ලැබෙන මුදල් මුදල් අමාත්‍යංශය වෙත නොගොස් ඍජුව අදාළ ආයතන වල ගිණුම් වලට තැන්පත් කරන්නට හැකිනම් රටේ නීතියක් හෝ මුදල් රෙගුලාසි හෝ අවශ්‍ය නැත.මේ ආකාරයට සියලු ඇමතිවරුන් කටයුතු කළහොත් රටට දෙවියන්ගේම පිහිටය. ආණ්ඩුව තව කොතරම් කල් පවතීද එසේත් නැතිනම් තම තනතුරු කොතරම් කල් පවතීද යන්න අවිශ්වාස නිසාදෝ හැකි සෑම තැනකින්ම ඇතැම් පිරිස් වංචා කරති.ඒවාට දඬුවම් නැති නිසාදෝ කිසිවකුත් සොරකමට වංචාවට බිය නොවෙති. බොහෝ අමාත්‍යංශ වල දුෂණ වංචා සිදු කරන්නේ ඇමති පුතුන්ය. පියවරු නොදැන පුතාලා සොරකම් කරනවා යැයි අපනම් විශ්වාස කරන්නේ නැත.සොරකමට යම් ආයතනයක නිලධාරියකු විරුද්ධ නම් ඔවුන් ඉවත් කර නව නිලධාරියකු පත් කර සොරකම් තමන්ට අවශ්‍ය ආකාරයට කරනු දැකිය හැකිය. මේ දුෂණ වංචා වල අවසන් ප්‍රතිඵලය ලෙස භාණ්ඩ හා සේවා මිල දිනෙන් දින ඉහල යනු පෙනේ. ඇමතිවරුන් හා ඉහල නිලධාරීන් වෙත ලබා දෙන වරදාන අවසානයේ සමාගම් අයකරන්නේ සාමාන්‍ය ජනතාවගෙනි.

ආණ්ඩුව ඇතුලේ ගැටුම් – ඇතැම් අමාත්‍යංශ අයවැය පරාජය කරන්නත් තර්ජන

මීළඟ අයවැයේදී ආණ්ඩුව ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, නිලධාරීන් තමන් නොසලකා හරිමින් කටයුතු කරන බවට, ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කළ බරපතළ චෝදනා එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවත් ඊට තමන්ද සහභාගී වන බවත් එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ.

මෙම කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර, එය උණුසුම් මුහුණුවරක් ගත්තේ ඇතැම් ඇමතිවරු, තමන් ගණන් නොගෙන කටයුතු කිරීම, පළාත් සභා ඇතැම් ආණ්ඩුකාරවරු, පළාත් ලේකම්වරුන් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් වන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් නොවිමසා කටයුතු කිරීම මෙන්ම රාජ්‍ය නිලධාරින් තමන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පෑහ .තමන්ව නොසලකා හරින ඇමතිවරුන්ගේ වැය ශිර්ෂවලට මෙවර අය වැයේදී ඡන්දය දීමට හැකියාවක් බවට ඔවුහු එහිදී ප්‍රකාශ කර ඇත.

කැබිනට් එරෙහිව රාජ්‍ය අමතිල්ගෙන් පැමිණිල්ලක්

මේ අතර කැබිනට් අමාත්‍යවරුන් විසින් විෂය පථයන් හා ආයතන රාජ්‍ය අමාත්‍යවරුනට නොපැවරීම හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ තවත් බරපතළ ගැටලුවක් මතුව තිබේ.

ඒ අනුව තමන්ට විෂය පථයන් ගැසට් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට රාජ්‍ය අමාත්‍ය දැනටමත් තීරණය කර තිබේ.මේ තත්වය එතරම් සරල කාරණයක් නොවන්නේ අයවැය පරාජයවීම යනු ආණ්ඩුව විසුරුවාහැර මහමැතිවරණයකට යාමට සිදුවන තත්වයක් නිසාය. වසර පහ සම්පුර්ණ වීමට පෙර ආණ්ඩුව විසුරවුවහොත් නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් නොලැබීයාම නොවන්නට රටේ වර්තමාන දේශපාලන ව්‍යාකූලභාවය තුල ඕනෑම මොහොතක ආණ්ඩුව බිඳ වැටීමේ අනතුරක් තිබේ.

මහා බැංකුව පොලී අනුපාත අඩු කරද්දී බැංකු හා ලීසිං ආයතන ජනතාව සූරාගෙන කයි

සියලුම වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන වල පොලී අනුපාතයන් පහත දමන්නැයි මහ බැංකුව නියෝග නිකුත් කර තිබේ.

මේ යටතේ උකස් පොලී අනුපාත, ණය පොලී අනුපාත, ණය කාඩ්පත් පොළී අනුපාත අඩු කරන ලෙස දැනුම් දී තිබේ. සාමාන්‍ය පොළී අනුපාතය 13.5% මට්ටමේ පවත්වාගෙන යන ලෙසත්, උකස් පොලී අනුපාතය 18% ක් ලෙස හා ණය කාඩි පොලී අනුපාත 28%ක මට්ටමක පවත්වා ගන්නා ලෙසද ඒ මගින් දැනුම්දී තිබේ. කෙසේ වෙතත් පුද්ගලික බැංකු විවිධ ගාස්තු අයකරමින් ජනතාව ගසාකෑම වැලක්වීමට මහා බැංකුව කිසිදු පියවරක් ගන්නා බවක් නොපෙනේ. මහා බැංකුවේ අදාළ පුද්ගලික බැංකු අධීක්ෂණය කරන නිලධාරීන් පුද්ගලික බැංකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා රැසකි. ඔවුන් වෙත අදාළ බැංකු මගින් විවිධ වරදාන ලැබෙන බවටද චෝදනා තිබේ.පුද්ගලික බැංකු විසින් මාසිකව ගිණුම් හිමියන්ගෙන් හා ගනුදෙනුකරුවන්ගෙන් විවිධාකාරයෙන් අසාධාරණ ලෙස ගාස්තු අය කරති. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නිසි ආයතනයක අවශ්‍යතාවය පවතී. මහා බැංකුවේ ඉහල නිලධාරීන් අතිබහුතරයක් විදේශ රටවල පුරවැසි භාවය ,දේපල ඇති අය වෙති. විදේශ ණය ආදිය ලබා ගැනීමේදී මේ ඇතැමුන් සිදු කරන කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. මහා බැංකුව ස්වාධීන වීම තුල තව තවත් දුෂණ වංචා වලට ඉඩ ලැබීම සිදුවේ.

එසේම ලීසිං හා ෆිනෑන්ස් ආයතන වෙත වාහන ලීසිං වාරික සම්බන්ධයෙන් මහබැංකුව ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවේ. දිගින් දිගටම සීසර්ලා මහමග වාහන උස්සා ගෙන යති. පසුගිය කාලය තුල වාහන දහස් ගනනක් මෙසේ උස්සා ගෙන ගියද මහබනුව හෝ රජය නිවේදන නිකුත් කරනවා හැර කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

නියඟයෙන් ජනතාවට හා ආර්ථිකයට දැඩි බලපෑම්

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටිති. සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීහු පවසති. මේ අතර දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රන්දෙණිගල, මාඋස්සකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැස ඇත.ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ දැනට පවතින ජල ධාරිතාවන්ගෙන් විදුලි නිෂ්පාදනය කළ හැක්කේ සති හතරක පමණ කාලයකට බවයි.ජල විදුලි විදුලි නිෂ්පාදනය 15% දක්වා පහත වැටී ඇති අතර පවතින ජල ධාරිතාවන්ගෙන් විදුලිය තවදුරටත් නිපදවිය හැක්කේ ගිගාවොට් පැය 300 කි.මේ වන විට විදුලි බල මන්ඩලය තාප විදුලි බලාගාරයෙන් 65%ක ධාරිතාවක් දෛනිකව ලබා ගනිමින් කරමින් සිටී.

අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ. විපතට පත්ව සිටින ජනතවට ඉක්මනින්ම ආධාර අවශ්‍යව තිබේ. රටේ පවතින ආර්ථික තත්වය නිසා මේ ජනතාව සියලු ආකාර වලින් අසරණව සිටිති.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan