අපි ව්‍යාපාරිකයින් රැක ගත යුතුයි – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නව ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ඉදිරියේදී ස්ථාපිත කිරීම සිදුකල යුතු  බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බලමණ්ඩලය අමතමිනි.

“අපි ලෝකයේ ඉදිරියට යන්න ඕනෙ ඒ සදහා අපි ව්‍යාපාරිකයින් රැක ගත යුතුයි.විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින් වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ද ආරක්ෂා කලයුතුයි.

රජයටත් කොටස් තබාගෙන පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ස්ථාපනය කිරීමට මා යෝජනා කරනවා.සංවර්ධන බැංකුව තුලින් රටේ සංවර්ධනය කිරීම කේන්ද්‍ර කරගත් ආයෝජන වලට මධ්‍ය හා දිගු කාලීන ණය ලබාදීමටත් ආයෝජන බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට නව තක්ෂණය හදුන්වාදීමට වගේම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වෙනත්  රටක ආයෝජනය කරන්නේ නම් ඔහුට අවශ්‍ය දැක්ම හා පලපුරුද්ද ලබාදීමටත් හැකි ආයෝජන බැකුවක් අපි ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා”

2015 දී  අපි මෙසේ ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට පිඹුරුපත් සකසා තිබණත් ආණ්ඩුව මාරුවීම නිසා එම යෝජනාව යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්