ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් සඳුදා (28) බැංකු වෙත

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දී ඇත්තේ , දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15ක අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ජුලි මාසයට අදාළ මුදල් සඳුදා දින බැංකු වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි .

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ , එමෙන්ම තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බවයි.

මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව අඟහරුවාදා සිට බංකු මඟින් ප්‍රතිලාභින්ට මුදල් ලබාගැනීමට හැකියාව පවතින අතර, වැරදි තොරතුරු ලබාදී ප්‍රතිලාභ ලබාගත් අය සිටී නම් තහවුරු කරගැනීමෙන් අනතුරුව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරන අතර කිසිම සුදුසු පුදගලයෙක් මඟ නොහැරෙන සේ රජය කටයුතු කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...