“ශානි” නඩු තීන්දුවෙන් පසු පොලිස් සේවය පිරිසිදු කිරීමනව පොලිස් කොමිසමේ වගකීමයි.

Date:

පූර්ණ වශයෙන් දේශපාලනීකරණයකට ලක් වූ රාජ්‍ය පාලනයක් තුළ දැඩි අසාධාරණයට ලක් වූ දක්ෂ, නිර්භීත, අවංක, ස්වාධීන පොලිස් නිලධාරින් වූ ශානි අබේසේකර ඇතුළු නිලධාරින් සිව්දෙනා සියළු චෝදනා වලින් නිදහස් කිරීම ගැන ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරමු. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මුල සිට ම මේ ගැන විශාල හඬක් නැගීය.

මෙම නිලධාරින් ට ලැබිය යුතු වේතනය උසස්වීම හා අවුරුදු ගණනක් තිස්සේ ගත කළ මානසික පීඩනය කොතරම් නින්දිතදැයි යන්න ශීලාචාර සමාජය වටහාගත යුතුය. මෙවැනි සිද්ධින් නැවත ඇති නොවිය යුතුය.

මනුශ්‍යත්වයේ නාමයෙන් ශානි අබේසේකර ඇතුළු එම නිලධාරීන්ට ඇති වූ අසාධාරණය නිවැරදි කිරීමටත්, ලැබිය යුතු වේතන හා උසස්වීම් වහා ලබා දීමටත්, නව පොලිස් කොමිසම ක්‍රියා කරනු ඇතැයි බලවත් ලෙස අපි විශ්වාස කරමු.

එමෙන්ම පොලිසිය තුළම අවංක පොලිස් නිලධාරීන් වංචනික ලෙස අසත්‍ය චෝදනා ගොනු කිරීමට හැකි සමහර දේශපාලන නායකයින් සතුටු කරන නිලධාරීන් ඇත්නම්, ඒ ගැන අවධානය යොමු කර පොලිස් සේවය පිරිසිදු කර මහජන ගෞරවය නැවතත් උපයාගැනීමට ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට අප ආයාචනය කර සිටිමු. !

සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2023.08.27

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...