මහබැංකු අධිපති දන්නේ IMF නව ලිබරල් චින්තනය විතරයි. එතනින් එහාට හිතන්න තරම් ඔහුට පරිචයක් නෑ – NPP චතුරංග

Date:

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා දන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන එන නව ලිබරල් චින්තනය පමණක් බවත් එතනින් එහාට සිතන්නට තරම් පරිචයක් ඔහුට නැති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා පවසයි.

“මහබැංකු අධිපතිවරයාට තියෙන එකම චින්තනය තමයි IMF එක ගෙනාපු නව ලිබරල් චින්තනය. ඔහුට එතනින් එහාට හිතන්න තරම් පරිචයක් නෑ. ජාතික ජන බලවේගයට තියෙන්නෙ නව ලිබරල් චින්තනය නෙවෙයි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවාද නැද්ද කියන එකෙන් නෙවෙයි නව ලිබරල් කියන එක නිර්වචනය වෙන්නෙ. අපි දැන් පැහැදිලිවම ඉන්නෙ IMF ගිවිසුම ඇතුළෙ. මහබැංකු අධිපතිවරයා හිතන් ඉන්නවා රාජ්‍ය ආදායම වැඩිකරන්න බෑ කියලා. අපෙ ගාව වැඩපිළිවෙලක් තියෙනවා රාජ්‍ය ආදායම වැඩි කරන්නෙ කොහොමද කියලා. එයා ඒ වැඩේ කරලා පෙන්නුවෙ නෑ. දැන් අපි විශේෂයෙන්ම ගත්තොත් රනිල් වික්‍රමසිංහ තමා බිලියන 400ක් රාජ්‍ය වියදම වැඩිකරන්න යෝජනාවක් දාලා තියෙන්නෙ. ඒක ගැන කතා කරන්නෙ නෑනෙ කවුරුවත්. අපි වෙනසක් කරලා තියෙනවා පැහැදිලිව බදු අඩුකරනවා අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවලට. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආහාර ද්‍රව්‍යවලට අපි බදු අඩුකරනවා. ඒකට අපට බිලියන 60ක් යනවා. උපයනවිට බද්ද අපි අඩුකරනවා. මහබැංකු අධිපතිතුමා හිතන් ඉන්නෙ රාජ්‍ය ආදායම ඔය ගාණටම තියෙනවා කියලා. එතුමා හිතන් ඉන්නෙ වෙනත් ක්‍රමවලින් රාජ්‍ය ආදායම වැඩිකරන්න බෑ කියලා. ඒ නිසා අපි ඒකත් එක්ක එකඟ නෑ. ඒක හින්දා තමයි අපි දේශපාලනය කරන්නෙ”

චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...