*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම් දෙන බවට නාමල්ගෙන් සහතිකයක්!

කොළඹ LNW:සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසාදුන් වීරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

ඔහු මේ බව පැවසුවේ කුරුණෑගල, මාවතගම සතිපොළ ක්‍රීඩාංගණයේ දී ඊයේ (27) පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැමවිටම මේ රටේ මින්ස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා. එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළ වේළි ටික හැදුවා. කොළඹ පාසැල්වලට සමාන පාසැල් මේ මාවතගමට, කුරුණෑගල දිස්ත්‍රික්කයට ගෙනවා. ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වුණ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවන්ට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා. අවාසනාවකට 2015 දී අපි වෙනසක් කළා. මේ රටේ ජනතාව සියල්ලම අතරමඟ කඩාගෙන වැටුණා. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නෙ කොහොමද කියන කාරණය තමයි මට තියන වගකීම සහ අභියෝගය වෙන්නෙ.

මේ රටේ ඒකීයත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. මේ රටේ රණවිරුවට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. අද මහා සංඝරත්නයට අපහාස කරනවා. සංඝරත්නයට අපහාස කරනවා කියන්නෙ මේ රටේ බෞද්ධ සංස්කෘතිකයට අපහාස කරා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කරලා සංස්කෘතිකමය වශයෙන් යටත් විජිතයක් බවට පත් කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරා ගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා තමයි ඊළඟ පරම්පරාවට නිදසසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවෙ. ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෙ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා. රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහිකරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටපු කණ්ඩායමක්. ලෝකයේ සමහර රටවල්වල යුද්ධ යනකොට පෙනි පෙනී දරුවෝ, සිවිල් පුරවැසියෝ, කාන්තාවො ඝාතනය කරනවා. අපි ලෝකෙටම පේන්න සජීවීව පුංචි දුවා දරුවෝ බේරගත්තා. තරුණයන් මුදවා ගත්තා. 12500 ක් පුනරුත්ථාපනය කළා. රැකියා දුන්නා. එහෙම කරලත් ලෝකය අපේ රණවිරුවා දකින්නේ යුධ අපරාධකරුවෙක් විදිහටයි.

ඒ අපේම සමහර දේශපාලනඥයෝ තමන්ගේ පටු වාසිවලට ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රණවිරුවො පාවලා දුන්නා. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියලා කිව්වා. අපහාස කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි දැඩි සේ විශ්වාස කරනවා මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගත්තු දේශපාලන බලවේගයක් අපි ගොඩනඟා ගන්න ඕනෙ.” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan