ජෙනින් හා තුල්කාර්ම් හි ත්‍රස්තයන් ඉලක්ක කර ඊශ්‍රායලය දැවැන්ත මෙහෙයුමක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදා අල්ලාගත් බටහිර ඉවුරේ උතුරු ප්‍රදේශයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසුවේ ඔවුන් ජෙනින් හා තුල්කාර්ම් හි ත්‍රස්තයන් ඉලක්ක කර මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද තොරතුරු වාර්තා වේ.

එම මෙහෙයුමෙන් පලස්තීන ජාතිකයන් 11 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර, මේ අතර අල් ෆාරා සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 5 දෙනෙකු ද ජෙනින් හි ඩ්‍රෝන ප්‍රහාරයකින් හා සන්නද්ධ ගැටුම් වලින් හය දෙනෙකු ද මිය ගිය බව වාර්තා වේ.

2000 වසර හා 2005 වසර අතර කාලයෙන් පසු ඊශ්‍රායල හමුදා මෙවැනි දැවැන්ත මෙහෙයුමක් සිදු කරන්නේ පළමු වරටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...